සිතුම් චතුරංග
මාළු ප‍්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 499 ක් සහිත ලොරි රථයක් අද (31) මන්නාරම නූර්විදිය ජුම්මා පල්ලිය අසල නවතා තිබියදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් නීතිවිරෝධීව මෙරටට බීඩි කොළ තොගය ගෙනවිත් මාළු සමඟ සඟවා අධි ශීතකරණ ලොරි රථයෙන් කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.
බීඩි එතුම් කොළ ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම නාවික හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී පල්ලිය තුළ නවතා තිබූ අධිශීතකරණ ලොරි රථය හා මාළු සමඟ සඟවා තිබූ බීඩි කොළ තොගය හමුවී තිබේ.
නිලධාරීන් ලොරි රථය පරීක්ෂා කරමින් සිටියදී බීඩි කොළ කොළඹට රැගෙන යාමට සූදානම්ව සිටි පුද්ගලයින් දෙදෙනකු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවද පොලසිය පවසයි.
අදාළ ලොරි රථයේ සූක්ෂම ලෙස පොහොර බෑග් 18ක් තුළ සඟවා බීඩි කොළ තොගය අසුරා තිබූ බවත් එහි වටිනාකම ලක්ෂ 20 පමණ වන බවද කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු ගෙන යන මුවාවෙන් බීඩි ගෙන ගිය ලොරියක් අත්අඩංගුවට