IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අත්අඩංගුවේ තිබූ ධීවර යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට

 ( රොමේෂ් මධුෂංඛ)

               
ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී  අවස්ථා කිහිපයකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී ඉන්දීය නිලධාරීන්ට භාර දෙනු ලැබීය.

නාවික හමුදාව විසින් වෙරලාරක්ෂක නිලධාරීන්ගේද සහය ඇතිව අදාල ට්‍රෝලර් යාත්‍රා භාර දීම සිදු වූ අතර පසුගිය දිනයන්හි අවස්ථා කිහිපයක අත්අඩංගුවට පත් අදාල ට්‍රෝලර් යාත්‍රා කරෙයි නගර් සහ නච්චිකුඩා නාවික හමුදා ජැටියන්හි නැංගූරම් ලා තිබුණු අතර  අදාල ධීවර යාත්‍රා නැවත රැගෙන යාමට පෙර අලුත්වැඩි කිරීමක්ද සිදු කොට භාර දී ඇත.

ඒ අනුව අදාළ ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දීය ඉංජිනේරුවරුන් පිරිසක් විසින් යාපනයට පැමිණ පසුගිය දිනයන්හි ධීවර යාත්‍රා අලුත්වැඩි කිරීම සිදු කරනු ලැබීය.

අලුත්වැඩියා කරන ලද ධීවර යාත්‍රා වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් විසින් ඉන්දියාවට භාර දීම සිදු වූ අතර අදාලළධීවර යාත්‍රා භාර ගැනීම සඳහා ඉන්දීය වෙරලාක්ෂක බලකායට අයත් අයුෂ් සහ රාණි දුර්ඝාවතී යන නෞකා එක් වීය.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා භාර දෙනු ලැබූවේ උතුරු මුහුදු තීරයේ පිහිටි අන්තර්ජාතික මුහුදු තීරයේදීය.



අදහස් (0)

අත්අඩංගුවේ තිබූ ධීවර යාත්‍රා 06 ක් යළි ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site