(නාලක සංජීව දහනායක)
වත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් , නීති විරෝධී කටයුතු , වංචා හා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාදීම සඳහා විපක්‍ෂනායක කාර්යාලය විසින් නීති උපදේශන සේවාවක් ආරම්භ කර තිබේ.
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව මෙම උපදේශන සේවාව ආරම්භ කර ඇත. ඒ අනුව ලබන බදාදා සිට සෑම බදාදා දිනකදීම පස්වරු 1.00 සිට පස්වරු 5.00 දක්වා අංක 30, ශ්‍රීමත් මාර්කස් ප‍්‍රනාන්දු මාවත, කොළඹ 07 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී මෙම උපදේශන සේවාව පැවැත්වේ.
2015 වසරෙන් පසුව රාජ්‍ය ආයතන , දෙපාර්තමේන්තු හා සංස්ථාපිත මණ්ඩලවල සිදුව ඇති වංචා , දූෂණ හා අක‍්‍රමිකතාවලට ලක්වූ සියලුම දෙනාට ගතහැකි නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදෙන බව විපක්‍ෂනායක කාර්යාලය සඳහන් කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විපක්‍ෂනායක කාර්යාලයෙන් නීති උපදේශන සේවාවක් ඇරඹේ