‘පෙනහහළු බද්ධය ලංකාවේදී සිදු කිරීමට සුදානම්‘ පෙණහළු බද්ධ කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී ඇරැඹිමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 06 February 2019
කොන්දේසි කඩමින් හැඹිලි දැල් දැමූ ධීවරයෝ 11ක් කොටුවෙති සින්නපාඩුව වෙරළ තීරයේ කොන්දෙසි කඩකරමින් හැඹිලි දැල් රැකියාවේ (ලයිලා) නිරත වූ ධීවරයින් 11 දෙනෙකු සමග ධීවර යාත්‍රා, දැල් හා මසුන් කිලෝ 2400 ක පමන ප්‍රමාණයක් නාවික හමුදාව හා පුත්තලම ධීවර අධ්යක්ෂ කාර්යාලය එක්ව සිදුකළ මෙහෙයුමකදි අද සවස සවස අත් අඩංගුවට ගෙන තිබිණි. 05 February 2019
බස් රථයකට යටවී 73 හැවිරිදි කාන්තාවක් මරුට තලාතුඔය මහනුවර මාර්ගයේ කැටවල ප්‍රදේශයේදී අද (5) බස් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ මිත්තනිය සහ සුළු තුවාල ලැබූ මිණිබිරිය රෝහල් ගත කිරීමෙන් පසු මිත්තනිය මියගොස් ඇත. 05 February 2019
වැලිවේරියට හමා ගිය සුළගින් නිවාස රැසකට හානි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ, ඇඹරලුව, බටහිර වැලිවේරිය ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද (05) වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළගක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස රැසකට අලාභහානි සිදුවී ඇත. 05 February 2019
ශ්‍රීපාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසයි අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් කොටගල ශ්‍රීපාද විද්‍යා පිඨයේ මුළුතැන්ගෙය තාවකාලිකව වසා දැමීමට අද (5) පියවර ගත් බව කොටගල මහජන සෞඛ්‍යය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා පැවසීය. 05 February 2019
නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 February 2019
සේනා මඬ්න්න පිටරටින් පෙරමෝන උගුල් 20000 සේනා දළඹුවන් පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීම සඳහා කටයුතු සුදානම් කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි. 05 February 2019
අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනයට පියවර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යන්හි මිල පාලනයට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 05 February 2019
ගවමස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව මෝටර් රථයකින් ගවමස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීහු පවසති. 05 February 2019
උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කරන්න ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක් උතුරු පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර තිබේ. 05 February 2019
ආණ්ඩුවේ ව්‍යාපෘති 100ක් එකම දිනක ජනතා අයිතියට එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයන්, එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයන් පසුගිය වසර තුනහමාර තුළ අරඹා වැඩ නිමකළ සංවිධාන ව්‍යාපෘති 100 ක් එකම දිනකදී ජනතා අයිතියට පත් කිරිමට කටයුතු කරගෙන යයි. 05 February 2019
කෘෂි අමාත්‍යාංශයේ ආයතන රැසකට නව නිලධාරීන් පත්කෙරේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ආයතන රැසකට අද (05) නව නිලධාරීන් පත් කර තිබේ. 05 February 2019
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී පුද්ගලයකු මරුට මිතුරෙකු සමඟ ඌරන්ට ඇටවූ විදුලි රැහැනක තමාම පැටලීමෙන් විදුලිසැර වැදී පුද්ගලයකු අද (5) මිය ගොස් ඇතැයි පිංදෙනිය පොලිසිය පවසයි. 05 February 2019
බෙලිඅත්ත දිනපතා පොළ වෙනත් ස්ථානයකට ගෙන යනවාට විරෝධය වසර සිය ගණනක් පැරණි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පොදු වෙළදපොළක් වන බෙලිඅත්ත දිනපතා පොළ බෙලිඅත්ත හත් බෝධිය ප්‍රදේශයට ගෙන යාමට උත්සාහ කරන බවට චෝදනා කරමින් බෙලිඅත්ත පොදු වෙළද පොලේ ව්‍යාපාරිකයෝ අද (05) දහවල් විරෝධයක යෙදුනහ. 05 February 2019
අවසර නැතිව ඇන්තූරියම් ගෙනා දෙදෙනෙක් අසුවෙති ඇන්තූරියම් මල් පැළ තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත් අඩංගුවට ගෙන තිබේ. 05 February 2019
දුරකතන රැහැන් පද්ධතියක් බසයකට වැටී මාර්ගයේ ගමනාගමනයට බාධා නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයත් මතට ප්‍රධාන මාර්ගයේ අභියස තිබු දුරකථන රැහන් සහිත කණුවක් කඩා වැටිමෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 05 February 2019
වෑන් රථ දෙකක් ගැටී 7 කට තුවාල කොළඹ හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී අද (5) අලුයම සිදුවු වෑන් රථ අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 05 February 2019
නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2019
අධ්‍යාපනය ආයතන ගොඩනැගිල්ලක කතකගේ මළ සිරුරක් කොට්ටාව මාකුඹුර අධ්‍යාපන ආයතනයක හිමිකාරියගේ මළ සිරුර එම ගොඩනැගිල්ල පිටුපස තිබියදී හමු වූ බව කොට්ටාව පොලිසිය කියයි. 05 February 2019
පාසල් සිසුන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කළ පුද්ගලයකු කන්දකුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 05 February 2019
පිංකැටයෙන් මුදල් සොරා ගත් පාසල් සිසුවා අත්අඩංගුවට වලස්මුල්ල නගරයේ බස්නැවැතුම්පළ ආසන්නයේ බෝධිය අසල සවිකර තිබූ පිංකැටය කඩා මුදල් සොරකම් කළේ යැයි කියන වලස්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු අද (5) අලුයම අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය කියයි. 05 February 2019
ආඬිගම බූරුපිටියක් වටලයි - දේශපාලන ආධාරකරු පැන යයි ආණමඩුව ආඬිගම කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක බූරු ගැසීමේ ස්ථානයක් අද රාත්‍රියේ වටලා එහි සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 04 February 2019
අත්බෝම්බයක් හා හෙරොයින් සමඟ ‘මන්න රොෂාන්’ අල්ලයි හංවැල්ල පහන්ගමදී අත්බෝම්බයක් හා හෙරොයින් මත්කුඩු රැගෙන යතුරුපැදියකින් යමින් සිටි පාතාල සාමාජිකයකු වන ‘මන්න රොෂාන්’ නැමැත්තා අද(04) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. 04 February 2019
පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළැයි අයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දින 11ක් තුළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළ පුද්ගලයකු අද(04) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 2ක් රදවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් විදුර මංචනායක මහතා පොලිසියට අවසර ලබාදුන්නේය. 04 February 2019
විදේශිකයෝ ලංකාවේ නිදහස කොග්ගල දී සමරති ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය සැමරීම සඳහා විදේශිකයින් සහභාගී වූ උත්සවයක් අද (4) කොග්ගල ලෝන් බීච් හෝටල් භූමියේ දී පැවැත්විණි. 04 February 2019
මත්කුඩු සමඟ 6ක් අත්අඩංගුවට එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා හෙරොයින් මත් කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි. 04 February 2019
පනයඩිය ගම්වැසියෝ විදී බසිති නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය ජනතාව අද (4) ගම මත්ද්‍රව්‍ය වලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 04 February 2019
අන්දරගොල්ලෑව වැවේ ළිං කැපීමට නොහැකිව ගොවීන් අමාරුවේ ජලය නොමැතිකමින් මියයමින් පවතින පූදින ගොයම බේරාගැනීම සඳහා අන්දරගොල්ලෑව වැවේ ළිඳක් කපා ගැනීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර නොදෙන බව හොරොව්පොතාන ගොවීහු පවසති. 04 February 2019
ඔන්චිල්ලාවක් කඩා වැටී මව මරුට දියණිය රෝහලේ වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක ඔන්චිල්ලාවක් පදිමින් සිටියදී එය කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූ ඇගේ මව මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 04 February 2019
දෙදරු මවට අතවර කළ අයෙක් අත්අඩංගුවට දෙදරු මවකට අතවර කලේ යැයි කියන සිද්ධියකට නොච්චියාගම ප්‍රදේශයේදි එක්දරු පියෙකු අද (04) අත් අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 04 February 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025