IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


‘පෙනහහළු බද්ධය ලංකාවේදී සිදු කිරීමට සුදානම්‘

පෙණහළු බද්ධ කිරීම  ඉදිරියේදී  ශ්‍රී ලංකාවේදී  ඇරැඹිමට   කටයුතු යොදා  ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


එමෙන්ම හෘදයවස්තු බද්ධ කිරීම් දෙකක් මේ වන විට සාර්ථකව සිදු කර ඇති අතර ,  තුන්වැනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට ද නියමිත බව අමාත්‍යවරයා පැවසීය.


සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම  උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


ඒ අනුව විශේෂ ශ්‍රේණිය වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 13 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 116 ක්, ඖෂධවේදී 176 ක්, විකිරණ ශිල්පී 41 ක්, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු 09 ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 10 ක්, දන්ත චිකිත්සක 03 ක්, සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 845 ක්, වෛද්‍ය සැපයීම් සහකාර 53 ක්, නිවාස භාරකාරීනී/භාරකරු 131 ක්, ආහාර නිරීක්ෂිකා 54 ක්, ෆෝක් ලිෆ්ට් 07 ක්, උපස්ථායක (පුහුණුව සදහා) 692 වශයෙන් 2150 කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරිණි. 

(36698)



අදහස් (0)

‘පෙනහහළු බද්ධය ලංකාවේදී සිදු කිරීමට සුදානම්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site