(අනීෂා මානගේ)
වලස්මුල්ල නගරයේ බස්නැවැතුම්පළ ආසන්නයේ බෝධිය අසල සවිකර තිබූ පිංකැටය කඩා මුදල් සොරකම් කළේ යැයි කියන වලස්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු අද (5) අලුයම අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වලස්මුල්ල විජේසිරිපුර ප්‍රදේශයේ පදිංචි වලස්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සිසුවෙක් බව පොලිසිය කියයි.
වලස්මුල්ල බස්නැවතුම්පළ අසල බෝධියේ සවිකර තිබූ පිංකැටයෙන් අලුයම 12.45ට පමණ මුදල් සොරකම් කරමින් සිටියදී රාත්‍රී මුරසංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබිණි.
පිං කැටයෙන් සොරකම් කරන ලද්දේ යැයි කියන රුපියල් 2910ක් තරුණයා සන්තකයේ තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පිංකැටයෙන් මුදල් සොරා ගත් පාසල් සිසුවා අත්අඩංගුවට