(අනීෂා මානගේ)
වලස්මුල්ල නගරයේ බස්නැවැතුම්පළ ආසන්නයේ බෝධිය අසල සවිකර තිබූ පිංකැටය කඩා මුදල් සොරකම් කළේ යැයි කියන වලස්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු අද (5) අලුයම අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වලස්මුල්ල විජේසිරිපුර ප්‍රදේශයේ පදිංචි වලස්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සිසුවෙක් බව පොලිසිය කියයි.
වලස්මුල්ල බස්නැවතුම්පළ අසල බෝධියේ සවිකර තිබූ පිංකැටයෙන් අලුයම 12.45ට පමණ මුදල් සොරකම් කරමින් සිටියදී රාත්‍රී මුරසංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබිණි.
පිං කැටයෙන් සොරකම් කරන ලද්දේ යැයි කියන රුපියල් 2910ක් තරුණයා සන්තකයේ තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd