IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඔන්චිල්ලාවක් කඩා වැටී මව මරුට දියණිය රෝහලේ

(ආනන්ද ඉ. ජයකොඩි සහ තිලකරත්න දිසානායක)

වේයන්ගොඩ,  නයිවල ප්‍රදේශයේ  ළමා  උද්‍යානයක  ඔන්චිල්ලාවක්  පදිමින්  සිටියදී  එය කඩා වැටීමෙන්  13 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූ ඇගේ මව මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
 

දියණිය  කොළඹ ජාතික රෝහලට ඇතුළත්  කර තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ කොටුගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිස්නා ජානකී ගංගොඩවිල (47)  නමැති දෙදරු මවකි.
 
රශ්මි අරලිය නමැති  13 හැවිරිදි  ඇගේ දියණිය බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් පසුවූ හෙයින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
 
අද  (04) පෙරවරුවේදී මෙම අනතුර සිදු වී  ඇත.
 
මෙම සිදු වීම  වු අවස්ථාවේදී  එම ස්ථානයේ  විශාල  පිරිසක්  සිටි අතර මෙම මව, දියණියත් ඔන්චිල්ලාවේ සිටියදී එය කඩා වැටී කොන්ක‍්‍රීට් තට්ටුවක මත වැටී දෙදෙනාම බරපතල තුවාල  ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
 
මෙම ස්ථානයේ මීට පෙරද පිහිනුම් තටාකයට වැටී දරුවෙකු මියගොස් ඇති බවද පොලිස් පරීක්‍ෂණ වලදී හෙළිවී තිබේ.



අදහස් (0)

ඔන්චිල්ලාවක් කඩා වැටී මව මරුට දියණිය රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site