නිධානයකින් ගත් බව කියන ගජමුතු මැණික් සමඟ අයෙක් අත්අඩංගුවට
නිධානයකින් ලබාගත් යැයි කියන ගජමුතුවක්, ඇත්දලවලින් කැටයම් කරන ලද කිඹුලන් දෙදෙනෙක්, කුඩා ප්රමාණයේ මැණික් ගල් 07 ක් සමගින් එක් සැකකරුවෙක් ගාල්ල කළුවැල්ලේදී අද (06) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.