සොරාගත් ත්‍රිරෝද රිය උකුවෙල සඟවා තිබියදී සොයා ගනී අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේවෙල ප්‍රදේශයේ මාර්ගයක් අසළ රාත්‍රී කාලයේ නවතා තිබූ රුපියල් 385,000 ක් පමණ වටිනා ත්‍රීරෝද රථය සොරකම් කර මාතලේ උකුවෙල ප්‍රදේශයේ සඟවා තිබියදී අලවතුගොඩ පොලීසිය සොයා ගෙන තිබේ. 08 February 2019
අවසර නොගෙන විල්පත්තුවෙන් නිල් අවරිය කැපූ 3 ක් අල්ලා ගනී විල්පත්තුව ජාතික වන උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී ඉතා දුර්ලභ ඹෟෂධයක් වන නිල් අවරිය ශාක කපා රැගෙන යාමට සුදානම් කර තිබියදී අද (7) සැකකරුවන් තිදෙනෙකු අදාල ශාක තොගය සමඟ අත්අඩංගුවට ගත් බව මුල්ලිකුලම අඩවි වන ජීවි කාර්යාලය පවසයි. 07 February 2019
හොරෙන් පස් කෑපූ වාහන ප්‍රා.සභාපති රැගෙන ගිහින් තිස්සමහාරාම කිරින්ද සිතුල්පව්ව මාර්ගයේ උද්දකන්දර ප්‍රදේශයේ රජයේ භුමියක බලපත්‍ර නොමැතිව පස් කපමින් සිටි ජේ.සී.බී. යන්ත්‍රයක් හා පස් ප්‍රවාහනය සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථ 04ක් අද (07) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි. 07 February 2019
ගසක් කඩා වැටී තලවකැලේ- පුඩළුඔය මාර්ගය අවහිර වෙයි තලවකැලේ- පුඬළුඔය මාර්ගයට හොලිරූඩ් ප්‍රදේශයේදී විශාල ගසක් අද (07) කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇතැයි පොලිසිය පවසයි. 07 February 2019
අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට කොළඹ ජාතික රෝහලේ සේවකයන් තිදෙනෙකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1000ක් සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 February 2019
වඳුරාපිනූ ඇල්ල ව්‍යාපෘතියේ පාරිසරික තක්සේරු නවතී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් කෙරෙන වඳුරාපිනූ ඇල්ල ජලසම්පාදන ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ කටයුතු අතරමග නතර වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 07 February 2019
ඇමැති නවීන් ඉරාන තානාපති හමුවෙයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සෙයිරි මහතා අතර හමුවක් අද ( 7 ) බත්තරමුල්ල , සෙත්සිරිපාය පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය. 07 February 2019
ධීවරයන්ටත් වෘත්තීය හැඳුනුම්පතක් ධීවර රැකියාවන්හි නියැලෙන සියලුම ධීවරයින් වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බව ධීවර කටයුතු අමාත්‍යංශය පවසයි. 07 February 2019
‘ජාතික ආණ්ඩු යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්නැයි ජනපතිගෙන්-කතානායකගෙන් ඉල්ලීමක් ‘ ජාතික ආණ්ඩු යෝජනාවලිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්තානුකූල නොවන බවත් එම ඉල්ලීම මූළිකවම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලමින් සත්යගවේෂකයෝ සංවිධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලිමක් කරයි. 07 February 2019
පාසල් විනය හදන්නැයි විරෝධතා සතියක් පාසල් සිසු විනය ආරක්ෂා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙළක් සකසන්නැයි රජයට බල කරමින් දිවයින පුරා විරෝධතා සතියක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 February 2019
පැරා ක්‍රීඩක අමිල වර්ණකුලසූරිය ට නිවසක් 2018 ආසියානු පැරා තරඟාවලියේ දී නව ආසියානු වාර්තාවක් සමග ජයග්‍රහණ රැසක් හිමිකරගත් අමිල වර්ණකුලසූරිය ක්රිඩකයාට මොරටුව ’’සයුරු පුර’’ නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා දීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරිණි. 07 February 2019
ශ්‍රීපාද ජාතික අධ්‍යාපන පීඨ සිසුන් දෙවැනි දිනටත් විරෝධතාවේ ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියෝ අද දෙවැනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ. 07 February 2019
එරක්කණ්ඩි වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී ත්‍රිකුණාමලයේ එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ. 07 February 2019
පුද්ගලයින් විදෙස් ගත කරන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට පුද්ගලයින් විදේශ ගත කරන බව පවසා රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය පවසයි. 07 February 2019
බෝර 12 තුවක්කුවක් රැගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව බෝර 12 තුවක්කුවක් රැගෙන විජයරාම මාවතේ ගමන් කළ 45 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 07 February 2019
ගාල්ලට මහ වැසි අද රාත්‍රීයේ ඇද හැළුණ මහ වැස්සෙන් ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මේ වනවිට ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. 06 February 2019
කේරළ ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට මළ ගෙදරක යෑමට ඉල්ලාගත් නවීන පන්නයේ මෝටර් රියකින් රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු වීදියවත්ත ප්‍රදේශයේ පොලීස් මාර්ග බාධකයකදී අද (6) අත්අඩංගුවට ගත් බව වීරගුල පොලීසිය කියයි. 06 February 2019
නිධානයකින් ගත් බව කියන ගජමුතු මැණික් සමඟ අයෙක් අත්අඩංගුවට නිධානයකින් ලබාගත් යැයි කියන ගජමුතුවක්, ඇත්දලවලින් කැටයම් කරන ලද කිඹුලන් දෙදෙනෙක්, කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 07 ක් සමගින් එක් සැකකරුවෙක් ගාල්ල කළුවැල්ලේදී අද (06) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි. 06 February 2019
ග්‍රාමීය බැංකුවක් කොල්ලකයි රාගම කුරුකුලෑව ග්‍රාමීය බැංකුව වෙත අද (6) සවස මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා රුපියල් තුන් ලක්ෂ අසු දහසක් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 06 February 2019
රජයේ ඉඩමක් පෞද්ගලික ව්‍යාපෘතියකට දුන්නැයි කල්පිටියේ විරෝධතාවක් කල්පිටිය ජනසවිපුර ගම්මානයේ ජනතාව වසර 30 කට ආසන්න කාලයක් භාවිතා කළ රජයේ ඉඩමක් හදිසියේ ව්‍යාපෘතියකට ලබා දිමට විරෝධය දක්වමින් 500 කට වැඩි පිරිසක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුහ. 06 February 2019
කරාඹු ගසින් වැටී දෙදරු පියා මරුට කරාබු ගසකින් බිමට වැඩි සිව්දරු පියෙක් මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. 06 February 2019
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක සුළු සේවක හිඟයට විසඳුමක් නොදීම සහ සම්පත් බෙදා දීමේ ගැටළුවලට විරෝධය දක්වා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍යවරුන් අද (06) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. 06 February 2019
රෙජිස්ට්රාර්වරයෙකුගේ නිවස කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මඩදෙණිය ප්‍රදේශයේ පදිංචි අධිකරණ රෙජිස්ට්රාර්වරයෙකුගේ නිවසක් බිඳ රුපියල් 460,000 ක් වටිනා රන් බඩු සොරා ගත් බව කියන පුද්ගලයකු වසර දෙකකට පසු පූජාපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 06 February 2019
ඇල්ල ප්‍රා සභාපති අත්අඩංගුවට ගන්නැයි විරෝධතා ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිළධාරීයාගේ කනට පහරදී එහි තිබු ලී භාණ්ඩ තොගයක් පැහැරගැනීම සම්බන්දව චෝදනා ලබා සිටින ඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි කියමින්ඌව පළාතේ පළාත් සභාවේ හා රජයේ ආයතන වල නිලධාරීහු අද ( 06) වර්ජනයක් ඇරැඹුහ. 06 February 2019
ප්‍රා. සභාපතිවරයෙක් තමන්ට පහර දුන්නැයි සංවර්ධන නිලධාරියකුගෙන් ජනපතිට ලිපියක් ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන ඒකකයේ සංවර්ධන නිලධාරියකුට ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ලෙස දේශපාලන මැදිහත්වීම් වන්නේ යැයි ද කියමින් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 06 February 2019
කෘමීන් සමඟ අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් යළි රිමාන්ඩ් සිංහරාජ වනාන්තරයෙන් රහසිගතව රැගෙන ගිය කෘමීන්, සමනලුන් හා ශාඛ තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ස්ලෝවැකියානු ජාතිකයින් පස්දෙනා අද (06) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කලවාන මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය. 06 February 2019
පවුල් ලක්ෂ අටහමාරකට සමෘද්ධි සහනාධාර දීමට සැරසෙයි ඉදිරි මාස 06 තුළ අලුතින් පවුල් ලක්ෂ අටහමාරකට සමෘද්ධි සහනාධාරය ලබාදෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා අද (06) කොළඹදී පැවසීය. 06 February 2019
ශ්‍රී පාද විද්‍යා පීඨ ගුරු සිසුහු වර්ජනයක හැටන් පතන ශ්‍රී පාද අධ්‍යපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යසලාභි සිසුහු එම විද්‍යා පිඨය තුළ අද (06) පන්ති වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටිති. 06 February 2019
මාතලේ නගර සංවර්ධනයට විපක්ෂයෙන් බාධා යැයි විරෝධතා මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් වත්මන් පරිපාලනයට නගර සංවර්ධනය සිදු කිරිමට බාධා කරන බව පවසමින් පිරිසක් අද (06) මාතලේ ඔරලෝසු කණුව අසළදි පැවැත්විණි. 06 February 2019
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට ගාල්ල - කොළඹ මහා මාර්ගයේ බූස්සේදී මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 06 February 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026