ශිෂ්‍ය සංගම් රැස්වීම්වලට නොපැමිණියේ යැයි සිසුවෙකුට පහරදීලා ශිෂ්‍ය සංගම් රැස්වීම්වලට සහභාගි නොවූයේ යැයි පවසමින් සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් තිදෙනෙකු ශිෂ්‍ය නේවාසිකාගාරයට පැමිණ දෙවන වසරේ ශිෂ්‍යයෙකුට පහරදී ඇතැයි සමනලවැව පොලිසිය පැවසයි. 13 February 2019
මන්නාරම සමූහ මිනීවලේ කාබන් වාර්ථාව හෙට මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ සිරුරුවල කාලනිර්ණය පිළිබඳ කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාරයට යැවූ සාම්පලවල වාර්ථාව හෙට(14) ලැබෙනු ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 13 February 2019
ගුරු මාරුවට එරෙහිව උද්ඝෝෂණයක් අහංගම ශාරිපුත්‍ර මහ විදුහලේ ගණිත විද්‍යා ගුරුවරයා ඇතුලු ගුරුවරුන් තිදෙනෙකු මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙමාපියන් සහ විදුහලේ සිසුහු (13) විදුහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ. 13 February 2019
මන්නාරමේ වෙළඳසැලක් ගිනි ගනී මන්නාරම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික වෙළඳ ස්ථානයක ඊයේ (12) රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳසැළ තුළ තිබු භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව මන්නාරම් පොලීසිය කියයි. 13 February 2019
පළාත් සභා ඡන්දය කල් දැමීමට පූජාපිටිය සභාවේ විරෝධය පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට විරෝධය දැක්වීමේ යෝජනාවක් අද (12) පූජාපිටිය ප්‍රාදේශිය සභා මාසික මහ සභා රැස්වීමේදී සම්මත කර ගනු ලැබීය. 12 February 2019
විදුලිසැර වැඳීමකින් මියගිය අලියෙකුගේ සිරුරක් සොයාගනී විදුලිසැර වැඳීමකින් මියගොස් ඇති බවට සැකකරන වල් අයෙකුගේ සිරුරක් නීලබැම්ම ගොවිපළක තිබියදී අද (12) සොයා ගත්බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි. 12 February 2019
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද (12) කිරිවැල්දොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව දෙනියාය පොලිසිය කියයි . 12 February 2019
උකුවෙල ප්‍රා. සබේ මන්ත්‍රීවරු සභා ගැබෙන් ඉවත්වෙති උකුවෙල ප්‍රාදේශීය සභාවේ පසුගිය සභා වාර්තාවේ සඳහන් කරුණු සාවද්‍ය බව පවසමින් එම වාර්තාවට විරෝධය පල කරමින් අද (12) පැවති මහ සභා රැස්විමේදි පාලක පක්ෂයේ බහුතර බලය හිමි එජාප මන්ත්‍රිවරු 7 දෙනෙකු එයට විරෝධය පාමින් සභා ගැබෙන් ඉවත්ව ගියහ. 12 February 2019
මත්ද්‍රව්‍ය මඬින්න දකුණට එස්.ටී.එෆ් කඳවුරු දකුණු පළාතේ මත්ද්‍රව්‍ය මාෆියාව මර්දනයට විශේෂ කාර්ය බළකාය සහභාගී කරගෙන විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ යැයි දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 12 February 2019
මොනා ඒ රිෂ්මාවි තලතා හමුවෙයි එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී මොනා ඒ රිෂ්මාවි මහත්මිය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල මහත්මිය අතර හමුවක් අද(12) පැවැත්විණි. 12 February 2019
උතුරු නැගෙනහිර ආපදාවට පත් අක්කර 22,530කට වන්දි දීම ඇරඹේ වර්ෂාවෙන් උතුරු නැගෙනහිර ආපදාවට පත් ගොවිබිම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් වන්දි දීමට කඩිනම් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට දුන් උපදෙස් අනුව මාර්තුවට පෙර සියලුම වන්දි ගොවීන්ට ලබාදීමට හැකි බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය. 12 February 2019
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට රිදීමාලියද්ද පොලිස් වසමට අයත් කණුගොල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බලපත්‍රයක් නොමැති නීතිවිරෝධි ගිනි අවියක් සැකකරුවෙකුද සමඟ අද (12) කළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගත්බව රිදිමාලියද්ද පොලිසිය පවසයි. 12 February 2019
ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට පැන මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට උතුරු පළාත තුළ ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට පැන මුදල් හා රන්භාණ්ඩ කොල්ල කෑ කණ්ඩායමක ප්‍රබල සාමාජිකයින් දෙදෙනකු කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 12 February 2019
තරුණියකගේ සිරුරක් නවනැලිය ඔයෙන් සොයාගනී බලන්ගොඩ රජවක නවනැලිය ඔයේ තිබී ඝාතනය කළ තරුණියකගේ සිරුරක් අද (12) සොයාගත් බව පොලිසිය පවසයි. 12 February 2019
මීරිගම ගුරු - විදුහල්පත්වරු වීදි බසිති මීරිගම ඩී.ඇස් සේනානායක ජාතික පාසල, මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක ගුරුවරු හා විදුහල්පතිවරු අද(12) දහවල් මීරිගම ඩී. ඇස්. සේනානායක ජාතික පාසල ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වූහ. 12 February 2019
ශිෂ්‍යත්වය සමත් දරුවන් පෝෂිත පාසල්වලට ගන්නැයි මාතර උද්ඝෝෂණයක් මාතර වෙහෙරගම්පිට ඕල්කට් විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් පෝෂිත පාසල් වලට ඇතුළත් කර ගන්නැයි ඉල්ලා දෙමාපියන් පිරිසක් තම දරුවන් ද සමඟ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය තුලට කඩා වැදීමත් සමග අද (12) එම විද්‍යාලය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය. 12 February 2019
යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයකු බරපතල තුවාල ලබා මිය ගිය බව නිට්ටඹුව රථවාහන පොලිසිය කියයි. 12 February 2019
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 12 February 2019
පොළොන්නරුව මහ රෝහලට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා දැන්ට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු නොමැති කම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුව තිබෙන බව මහජනතාව කියති. 11 February 2019
මේ වසරේ ව්‍යාපෘති ඉලක්ක ගැන ජනපති උපදෙස් ග්රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදු ජන සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් කියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ මෙම වසරේ ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේ දී පැවැත්විණි. 11 February 2019
වෙන්නප්පුවේ ගණිකා මධ්‍යස්ථාන දෙකක් වටලයි ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මුවාවෙන් වයික්කාල හා තඹරවිල ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් අද (11) වැටලූ බව වෙන්නප්පුව පොලිසිය කියයි. 11 February 2019
විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට බේරුවල කංකානම් ගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයකු සන්තකයේ නීතිවිරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ විදේශීය දුම්වැටි 300ක් සමඟ සැකකරු බේරුවල පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගත් බව පවසයි. 11 February 2019
‘සේනා’ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක් සේනා දළඹුවාගෙන් වගා හානිවූ බඩ ඉරිඟු ගොවීන් පිරිසක් අද (11) බඩඉරිඟු අක්කරයක් සඳහා වගා වන්දිය රුපියල් 75,000ක් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන රජයට බල කරමින් අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරියේදී උද්ඝෝෂණයක නිරත වූහ. 11 February 2019
නාඳුනන මළ සිරුරක් කොට්ටව රක්ෂිතයේ නාඳුනන පිරිමි මළ සිරුරක් කොට්ටව රක්ෂිතයේ නාන තටාකය අසල තිබී අද (11) දහවල් හමුවූ බව යක්කලමුල්ල පොලීසිය කියයි. 11 February 2019
අනතුරකින් පුද්ගලයෙක් මරුට තණමල්විල ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ මොරකැටිය මංසන්ධිය අසලදී අද (11) ඩිමෝ වර්ගයේ ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරපැදිකරු මියගොස් ඇතයි සෙවනගල පොලීසිය පවසයි. 11 February 2019
ගිනිඅවි තුනක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට මහියංගණ රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ගම්මානයේ වගා හේන් තුනක පැල්වල තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සොයාගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 11 February 2019
රාජකාරී ගිනි අවිය පෙන්වා තර්ජනය කළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට මිනුවන්ගොඩ නිල්පනාගොඩදී පුද්ගලයන් දෙදෙනෙකුට රාජකාරි ගිනි අවියක් එල්ල කර තර්ජනය කළ පොලිස් කොස්තාපල්වරයකු මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 11 February 2019
මැණික් ඉල්ලම් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් වෑන් රථයක් සමඟ හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (10) අත්අඩංගුවට ගෙන ඇත. 10 February 2019
දැරියක අපයෝජනය කළැයි තිදෙනෙක් අත්අඩංගුවට මුහුණු පොත හරහා හඳුනාගත් 15 හැවිරිදි සිසුවියක අපයෝජනය කළැයි කියන දකුණු පළාතේ සැකකරුවෙකු හා එයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 February 2019
දරුවන් පෙන්නා වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ් දරුවකුගේ ශල්‍යකර්මයකට යැයි කියා ව්‍යාජ සහතික පත් පෙන්නා වංචනිකව නිට්ටඹුව නගරයේ මුදල් එකතු කරමින් සිටි බව කියන සැකකාරියන් දෙදෙනෙකු ලබන මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල එම්. පතිරණ මහතා අද (10) පස්වරුවේ නියෝග කළේය. 10 February 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026