‘සේනා’ හානි කළ වගාවන්ට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්
සේනා දළඹුවාගෙන් වගා හානිවූ බඩ ඉරිඟු ගොවීන් පිරිසක් අද (11) බඩඉරිඟු අක්කරයක් සඳහා වගා වන්දිය රුපියල් 75,000ක් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන රජයට බල කරමින් අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරියේදී උද්ඝෝෂණයක නිරත වූහ.