IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොළොන්නරුව මහ රෝහලට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ

ක.ග කරුණාරත්න


පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා දැන්ට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු නොමැති කම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුව තිබෙන බව මහජනතාව කියති.
 
ඒ හේතුවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ සේවය ලබා ගැනීම සඳහා මඩකලපුව මහ  රෝහලට යාමට මහජනයාට සිදුවී තිබේ.
 
අධිකරණ නියෝග මත සැකකටයුතු මරණයක් සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මරණකරුගේ බාරකරුවන් විසින් ඒ මෘත දේහය සිද්ධිය වූ ස්ථානයේ සිට මඩකලපුව මහ රෝහල කරා පෞද්ගලික වියදමින් රැගෙන යා යුතු බව කියති.
 
ඒ සඳහා පෞද්ගලික මල් ශාලාවකින් අවමංගල රථයක් කුලියට ලබා ගැනීමට සිදුවන අතර දුර ප්‍රමාණය අනුව ඊට අයකරන මුදල වෙනස් වේ.
 
පොලොන්නරුව රෝහලේ සිට මඩකලපුව මහ රෝහල දක්වා දුර ප්‍රමාණය කිලෝ මීටර් 100 ක් පමණ ය. උදාහරණයක් ලෙස පොළොන්නරුව නගරයේ හෝ ඒ ආසන්නයේ සිට මඩකලපුව මහ රෝහල තෙක් අවමංගල රථයකින් මෘතදේහයක් රැගෙන ගොස් එහිදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු නැවත ආපසු රැගෙන ඒම සඳහා රුපියල් 50,000 කට ආසන්න මුදලක් බාරකරුවන්ට, ඥාතීන්ට දැරීමට සිදුවන බවද පෙන්වා දෙති.
 
මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මින්නේරිය, ඇලහැර, බකමූණ වැනි දුර බැහැර ප්‍රදේශයක සිට මඩකලපුව රෝහල දක්වා යාමට සහ ආපසු ඒමට ඊටත් වඩා විශාල ලෙස වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන බවද අනාවරණය විය.
 
මේ අතර ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ ආදිය සම්බන්ධයෙන්ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කටයුත්තක් හෙයින් එවැනි රාජකාරිමය අවස්ථාවලදීද බාරකරුවන්ට මෙවැනිම දුෂ්කරතාවට මුහුණ පෑම සිදුව තිබෙන බව පෙන්වා දෙති.

පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු නොමැතිකම හේතුවෙන් මහජනතාව අත් විඳින දුෂ්කරතා මග හැරවීමට පියවර ගන්නා ලෙස මහජනතාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 

 

 



අදහස් (0)

පොළොන්නරුව මහ රෝහලට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site