(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික වෙළඳ ස්ථානයක ඊයේ (12) රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳසැළ තුළ තිබු භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව මන්නාරම් පොලීසිය කියයි.
මන්නාරම නගර සභා හා පොලිසිය සතු සාමාන්‍ය ජල බවුසර රථ යොදා ගනිමින් ගින්න පැතිරයාම වැළැක්වීමට කටයුතු කර තිබූ අතර වවුනියාව ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් ව්‍යාපාරික ස්ථානයේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd