(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල ප්‍රාදේශීය සභාවේ පසුගිය සභා වාර්තාවේ සඳහන් කරුණු සාවද්‍ය බව පවසමින් එම වාර්තාවට විරෝධය පල කරමින් අද (12) පැවති මහ සභා රැස්විමේදි පාලක පක්ෂයේ බහුතර බලය හිමි එජාප මන්ත්‍රිවරු 7 දෙනෙකු එයට විරෝධය පාමින් සභා ගැබෙන් ඉවත්ව ගියහ.
උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති (එ.ජ.නි.ස) ඩි එම් චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහ සභා රැස්විමේදි පසුගිය මහ සභා වාර්තාව සභාවට ඉදිරිපත් කිරිමේදි අදාළ නොවන කාරණා තිබිමත් එයින් උපසභාපතිවරයා වශයෙන් තමාද හෑල්ලුවට පත්කිරිමේ කුමන්ත්‍රණයක් සිදු වී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා වශයෙන් සභාවෙන් පිටව යන බව පවසා උප සභාපති ඒ ජේ එම් නිසාර් මහතා පිටව යන ලදී .
මන්ත්‍රිවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අයි එම් පාරිස් ඒ එච් බුහාර්දින්, ඩී ජි නලින්,එච් එම් නිලුකා සුදර්ශනි , සෂිකා චමිලානි ගොඩගේ හා එස් සන්දිරන් කුමාරන් කණ්ඩායමේ 9 දෙනාගෙන් 7 ක් පිටව ගිය අතර දෙදෙනකු වැඩමුළුවක් සදහා පිටව ගොස් ඇත.
මෙලෙස පිටව ගොස් ඇත්තේ එස් එම් පරොස් හා ප්‍රියංවදා රණවිර යන අයවේ .
උකුවෙල ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවිමේදි එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව බලය පිහිටවු අතර විපක්ෂය වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියා කරමින් සිටියි.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උකුවෙල ප්‍රා. සබේ මන්ත්‍රීවරු සභා ගැබෙන් ඉවත්වෙති