(රංජිත් රාජපක්ෂ)
බලපත්‍ර නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් වෑන් රථයක් සමඟ හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් දික්ඔය ප්‍රදේශයේ සිට හැටන් නොර්වුඩ් දක්වා මෙම මැණික් ඉල්ලම් තොගය ප්‍රවහනය කරමින් සිටියදී හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත හැටන් දික්ඔය නගරයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇළ මාර්ගය ආසන්නයේ විශාල වලවල් කපා මැණික් ඉල්ලම් ගොඩගෙන ඇති බව වැටලීම සිදු කළ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නොර්වුඩ් මහ මාර්ග කාර්යාලයේ සේවය කරන නිලධාරියෙක්ද සිටින බව එම ඒකකයේ නිලධාරිහු පැවැසූහ.
මෙම වැටලීමේදී සැකකරුවන් ප්‍රවහනය කරමින් සිටි මැණික් ඉල්ලම් තොගයක් , මැණික් ඉල්ලම් ගොඩ ගැනීමට භාවිතා කළ උපකරණ රැසක් , ජලය ඉසින මෝටරයක් අත්අඩංගුවවට ගෙන ඇත.



2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් ඉල්ලම් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට