නොච්චියාගමදී අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවස පරීක්ෂාවට
නොච්චියාගමදී ගංජා තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්රභූ ආරක්ෂක අංශයකට අයත් උපපොලිස් පරීක්ෂකවරයාගේ මීරිගම නිවස,ඔහුගේ හිතවතුන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ නිවාස ගණනාවක් අද (13) පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය.