(බිඟුන් මේනක ගමගේ)
මහවැලි බී හා සී කලාපයේ ගොවීන්ට ඉඩම් ඔප්පු දස දහසක් පිරිනැමීමට නියමිත යැයි මහවැලි නේවාසික ව්‍යාපාර කළමණාකරු විමල් කුමාර කත්‍රිආරච්චි මහතා ලංකාදීපයට කීය.
මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් මෙම ඉඩම් ඔප්පු දස දහස අනිද්දා (15) ගිරාඳුරුකෝට්ටේහි පැවැත්වෙන මහවැලි අභිෂේක මංගල්‍යයේදී පිරිනැමෙන්නේ යැයි කත්‍රිආරච්චි මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි 2016 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරෙන මෙම උළෙලේදී හොඳම මහවැලි ගොවියා, ගොවි සංවිධානය, කිරි ගොවියා ආදී වශයෙන් තරග රැසක ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමෙන්නේ යැයි ද කත්‍රිආරච්චි මහතා පැවසීය.
ගොවි සංවිධාන දස දහසකට අධික සංඛ්‍යාවකින් ගොවීන් ලක්ෂයකට වැඩි පිරිසක් අතරෙහි මෙම තරග පැවැත්වී යැයි ද කත්‍රිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු දස දහසක්