ගෝන මස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට හල්දුම්මුල්ල වෑඑළිය ප්‍රදේශයේදී දැවැන්ත ගෝනකු මරා මස් කර ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(19) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මල්ල සීලතැන්න වනජීවී කාර්යාලය කියයි. 19 February 2019
රිය අනතුරකින් මව - දියණිය මරුට තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේදී අද(19) උදෑසන ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මවක සහ දියණියක මිය ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 19 February 2019
තලවකැලේ රිය අනතුරකින් 4ක් රෝහලේ නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ, ශාන්ත ෆැට්ට්‍රික් දේවාස්ථානය අසළ වෑන් රථයක් මාර්ගයේ කණ්ඩියේ හැපී එහි රියදුරු ඇතුලු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බව තලවාකැලේ පොලීසිය පවසයි. 19 February 2019
වැවක දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලි මරුට නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි වැවක දිය නාමින් සිටි දෙදෙනෙක් අද (18) දියේ ගිලි මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. 18 February 2019
මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ 2 ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 600 ක් උච්චිමුණේ දූපතට අයත් රෝද පාඩුව වැළි බිමේ සිට මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසියට භාර දී ඇත. 18 February 2019
ලක්ෂ පහක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට රත්මලානේ ‘‘රොනා‘‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘‘බඩී‘‘ නැමැති පුද්ගලයා රුපියල් ලක්ෂ පහකට අධික වටිනා කේරල ගංජා කිලෝ හතරක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී රත්මලාන ප්‍රදේශයේදී අද (18) අත්අඩංගුවට ගත් බව රත්මලාන පොලිසිය පවසයි. 18 February 2019
වැසිකිළි වළට වැටී වන අලියෙක් මරුට තණමල්විල ඌව කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක කපා තිබූ වැසිකිළි වළකට වැටීමෙන් අද (18) වන අලියෙකු මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. 18 February 2019
බස්නාහිර ග්‍රාම ශක්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ග්‍රාම ශක්ති ග්‍රාමීය වැඩසටහන අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ, දොම්පේ, වල්අරඹ නිෂ්පාදන ගම්මානය කේන්ද්‍රකර ගනිමින් ඇරැඹිණි. 18 February 2019
මිරිදිය මසුන් සඳහා පාලන මිලක් ගෙන ඒමේ සූදානමක් මිරිදිය මසුන් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 18 February 2019
කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 20 ක්, සැකකරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය ඊච්චංකාඩුව යාබද මුහුදේදී අද (18) දින උදෑසන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පුත්තල්ම කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසියට භාර දී ඇත. 18 February 2019
ගම්මිරිස් ගොවිහු ස්ථාවර මිලක් ඉල්ලති ගම්මිරිස් සදහා ස්ථාවර මිලක් දෙන ලෙස පොරොන්දු වී වසරකටත් වඩා වැඩි කාලයක් ගතවන නමුත් මෙතෙක් ස්ථාවර මිලක් නොමැති වීමෙන් ගම්මිරිස් අලෙවි කිරිමට නොහැකි වී අසීරුතාවයකට පත්වී ඇති බව ගොවීහු පවසති. 18 February 2019
නාඳුනන මළ සිරුරක් ආලංකුඩා වෙරළේ කල්පිටිය ආලංකුඩා වෙරළ තිරයට අද ( 18) උදෑසන නාදුනන පිරිමි මළ සිරුරක් ගොඩ ගසා තිබු බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 18 February 2019
ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට මාතර, දික්වැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක ගංජා නම් මත් ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 18 February 2019
පිංකැටය කොල්ල කන්න ගිය අයෙක්ට වැඩ වරදී හලාවත ආගමික ස්ථානයක පිංකැටය කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු දෙවැනි මහලෙන් බිමට පැනීමේදී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය පවසයි. 18 February 2019
‘පිඹුරේ ලකී’ ගිනි අවි 4ක් සමඟ අල්ලයි මතුගම අධිකරණයෙන් වරෙන්තු තුනක් නිකුත් කර තිබූ සැකකරුවකු වන ‘පිඹුරේ ලකී’ නමැත්තා සහ තවත් පුද්ගලයකු අගලවත්ත පුංචි කැලේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 18 February 2019
කටුනායක ගුවන් තොටේදී ඉන්දීය ගුවන් මගියෙක් මිය යයි ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඉන්දීය ගුවන් මගියෙකු අද(18) එහි පිටත්වීමේ පර්යන්තය තුළ ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ. 18 February 2019
දියවන්නා ඔයේ කාන්තා මළ සිරුරක් ඇතුල්කෝට්ටේ පොල්දූව ප්‍රදේශයේ දියවන්නා ඔයෙහි පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද(18) සොයාගත් බව වැලිකඩ පොලිසිය පවසයි. 18 February 2019
කොළඹ කුණු පුත්තලමට එපා යැයි කියමින් විරෝධතාවයක් කොළඹ කුණු පුත්තලම සේරක්කුලියට ගෙන ඒමට විරෝධය පා වනාතවිල්ලුව මංගලපුර කතෝලික දේවස්ථානය ඉදිරිපිටදී 200 ක පමණ පිරිසක් අද (17) විරෝධතාවයක නිරත වූහ. 17 February 2019
ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ සරසවි සිසුවෙක් පොලිස් දැලේ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පළමු වසර සිසුවෙකු ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමඟ අද (17) අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි. 17 February 2019
පුරාවිද්‍යා භූමියක කළ අනවසර ඉදිකිරීමක් තහනම් කෙරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල අවසරයක් ලබා නොගෙන ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රාශියක් පිහිටා තිබෙන බිමෙක ඒ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක මෙහෙයවීම මත අනවසර ඉදිකිරීමක් සඳහා සිදුකළ කැණීමක් අද (17) තහනමට ලක් කළ බව පොලොන්නරුව පොලිසිය කියයි. 17 February 2019
අනවසරයෙන් හෝටලයක සාදයක් පැවැත්වු 30ක් අත්අඩංගුවට බණ්ඩාරගම කුඹුරුගොඩ වෙල්පහළ ප්‍රෙද්ශයේ අනවසරටයන් පවත්වාගෙන ගිය හෝටලයක සාදයක් පැවැත්වු තරුණ තරුණියන් 30 දෙනකු ඇතුළු එහි කළමනාකරු අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 17 February 2019
ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනපති අතින් සග සතු කෙරේ ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථායේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සග සතු කොට පූජා කිරීමේ පිංකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්විණි. 17 February 2019
සයුරළ නෞකාව‘නාවික අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරයි‘ පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව එම අභ්‍යාසය නිම කර යළි ලංකාවට පැමිණිමට නියමිතය. 17 February 2019
අද-හෙට දිවයින පුරා තද වැසි ඇති වන ලකුණු අද (17) සහ හෙට( 18) දිනයන්හිදී, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන කරයි. 17 February 2019
කිරිගල් කන්දේ නිධන් හැරූ 8 ක් අල්ලති පාදුක්ක මාදුලෑව ආදා දොළපාර කිරිගල් කන්දේ නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 17 February 2019
ගැටුමකින් අග්නිදිග සරසවි සිසුන් තිදෙනෙකු රෝහලේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අම්පාර තානායමක පැවැත්වූ සමුගැනීමේ සාදයක දී තානායමට පිටින් පැමිණි පිරිසක් සමඟ ඇතිවූ ආරවුලකින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්පාර පොලිසිය පවසයි. 17 February 2019
නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට මඩොල්සිම කුරුවිගොල්ල ප්‍රදේශයේ පැරණී දේවාලයක් අසල ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් 7 ක් අද (17) අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි. 17 February 2019
සම්බා-නාඩු සහල් උපරිම සිල්ලර මිලකට විකිණිමේ එකඟතාවක් ලබන අප්‍රේල් මාසයේ පළමු වැනිදා සිට සම්බා සහල් සහ නාඩු සහල් උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් අතර එකඟතාවකට පැමිණ තිබේ. 17 February 2019
අනතුරකට පත් ධීවරයෙක් නිරුපද්‍රිතව ගොඩබිමට බහුදින ධීවර යාත්‍රාවක සිටි අනතුරකට පත් රෝගියෙකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් වී තිබේ. 17 February 2019
අනතුරකින් පාසල් සිසුවෙක් මරුට මීගහතැන්න පැලවත්ත මාර්ගයේ දී කැබ් රථයක් පා පැදියක ගැටී සිදුවූ රිය අනුතුරකින් කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු අද (17) උදෑසන මියගොස් ඇතැයි මීගහතැන්න පොලීසිය පවසයි. 17 February 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025