(ටී. කේ. ජී. කපිල )
ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඉන්දීය ගුවන් මගියෙකු අද(18) එහි පිටත්වීමේ පර්යන්තය තුළ ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ.
මොහු ඉන්දියාවේ, රාමනාථපුරම් පදිංචි 52 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි.
කටුනායක ගුවන් තොටුපළේදී ඔහුට යම් රෝගාබාධිත තත්වයක් ඇති වී එහි වූ කොන්ක්‍රීට් කණුවක් දිගේ රූටා වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව ඇතැයි ගුවන් තොටුපළ පොලීසිය කියයි.
මෙම මරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, මෙම මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට ඇතුළත් කර, අධිකරණයේ නියෝග මත, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගනිමින් සිටිති.
කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක ගුවන් තොටේදී ඉන්දීය ගුවන් මගියෙක් මිය යයි