IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සයුරළ නෞකාව‘නාවික අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරයි‘

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පිටත්ව ගිය  ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව  එම අභ්‍යාසය නිම කර  යළි ලංකාවට පැමිණිමට නියමිතය.

පසුගිය පෙබරවාරි 02 වැනිදා එම නෞකාව  කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය.

ඒ අනුව, 2019 පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහි දී රටවල් 44 ක නාවික හමුදාවන්වලට  අයත් නෞකාවන් සහ ගුවන් යානා විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම අභ්‍යාසය සඳහා තොරතුරු හුවමාරුකර ගැනීම, අන්න්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්වය, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතාවයන් හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත  විරෝධී මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ අභ්‍යාස රැසක් ඇතුළත්ව තිබූ අතර, එම සියළු අභ්‍යාස සාර්ථක ලෙස නිමා කිරීමට  ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවට හැකි වී තිබේ.

ඒ අනුව, පසුගිය පෙබරවාරි 14 වන දින මෙම අභ්‍යාසය අවසන් කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මේ වන විට අබුඩාබි වරායට සේන්දු වී ඇත.

පෙබරවාරි 22 වන දින අබුඩාබි වරායෙන් පිටත් වීමට නියමිත නෞකාව 28 වන දින දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

(36698)

 



අදහස් (0)

සයුරළ නෞකාව‘නාවික අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site