IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කටුනායකදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

කොළඹ සිට කටුනායකට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු සහ ඔහු ගමන් ගනිමින් සිටි මෝටර් රථය අද (13) කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන මීගමුව දාගොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයට ලැබී තිබූ තොරතුරු මත කටුනායක 18 කණුව ප්‍රදේශයේ මෙම නිලධාරීන් පිරිස රැක සිට මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ කලිසම් සාක්කුවේ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මෙම හෙරොයින් ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණය සඟවාගෙන සිටි බව පොලිසියි පැවැසීය.

මෙම හෙරොයින් දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ගෙන් මිලදී ගෙන ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

කටුනායකදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site