දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්වයත් සමග ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවල හදුනාගත් ඩෙංගු වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස තුළ මේ වන විට ඩෙංගු මර්ථනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර, මෙම තත්වය අවම කර ඩෙංගු වසංගත තත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්‍ෂෙත්‍ර වැඩසටහනක් සංවිධානය කර ඇතැයි අමාත්‍යංය සඳහන් කරයි.
මෙහිදී නිවාස, පාසල් , වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරීක්‍ෂණයට ලක් කරන අතර මදුරැවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හදුනාගත්විට ප්‍රජාව සමග ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගිත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරයි.
මෙම විශේෂ ක්‍ෂෙත්‍ර වැඩසටහන සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650 ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙනු තබන බවඳ අමාත්‍යංශය පවසයි.
තවද පරිසරය තුළ මදුරුවන් බෝවියහැකි ජලය රැදුනු ස්ථාන සුලබව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අවම වශයෙන් සතියකට වරක් විනාඩි 30 ක් තම ගෙවත්ත , වටපිටාව ආශ්‍රිතව මදුරැවන් බෝවිය හැකි හෝ බෝවන ස්ථාන ඇත්දැයි සොයාබලා එම ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය මහජනතාවට දැනුම් දෙයි.
(36698)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඩෙංගු අවදානම නැති කරගන්න අවධානයෙන් සිටින්නැයි උපදෙස්