IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අධිවේගී මාර්ගයේ වැඩබිමකින් භාණ්ඩ සොරකම් කළ අයියා-මලෝ අත්අඩංගුවට

(අනීෂා මානගේ)
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන අගුණකොළපෑලැස්ස ජඳුර ප්‍රදේශයේ පිහිටි ගල්වැඩපලකින් සොරකම් කළැයි කියන රුපියල් 118,000කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ද සමඟ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු සැකපිට අද(14) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.   
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජඳුර පදිංචි 20 හැවිරිදි සහ 30 දෙහැවිරිදි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බව පොලිස් නිලධාරීහු කියති.
 
මෙම ග්ලවැඩපල චීන සමාගමකට අයත් වැඩපලක් බවද පොලිසිය පවසයි.
 
ගල්වැඩපලේ කාමරයක් කඩා ඊයේ(13) රාත්‍රී මෙම භාණ්ඩ සොරකම් කර ඇති බවට අඟුණකොළපෑලැස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබිණි. 
 
චීනයෙන් ගෙන්වන ලද ජල මෝටරයක්, ග්‍රීස් විදිනයක්, ෆ්ලෑෂ් බල්බ තුනක්, යාන්ත්‍රික වැඩ සඳහා උපයෝගී කරගන්නා විශාල ප්‍රමාණයේ යතුරු 13ක් මෙලෙස සැකකරුවන්ගේ නිවසෙහි සඟවා තිබියදී පොලිස් නිලධාරීහු සොයාගත්හ.   



අදහස් (0)

අධිවේගී මාර්ගයේ වැඩබිමකින් භාණ්ඩ සොරකම් කළ අයියා-මලෝ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site