අතුරුදන්ව සිටි අයකුගේ මළ සිරුර කුඹුරකින් හමුවෙයි සිව් දිනකට ඉහතදී අතුරුදන් වූ පුද්ගලයකු පානදුර මහවිල පුරන් කුඹුරක අබිරහස් ලෙස මියගොස් සිටියදී අද(10) හමු වූ බව පානදුර දකුණ පොලිසිය දක්වයි. 10 February 2019
නිතී විරෝධිව මසුන් ඇල්ලු දෙදෙනක් අත්අඩංගුවට පුත්තලම, පල්ලියවාසල්පාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව කියයි. 10 February 2019
මාකණ්ඩිය වෙල්යායේ වැටීසිටි අලියාට ප්‍රතිකාර උහන, මාකණ්ඩිය පුරන් වූ වෙල් යාය අසළ අනතුරට පත්වූ අලියෙකු අද (10) උදෑසන දිය කඩිත්තක වැටී සිටියදී සොයාගත් බව අම්පාර වනජීවී කාර්යාලය පවසයි. 10 February 2019
විදුලි හොරු නීතියේ රැහැනට හසුකරගෙන කෝටි 13 ක් උපයාගනී ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දිප ව්‍යාප්තව සිදුකළ වැටලීම් වලින් විදුලි හොරු 2522 ක් නීතියේ රැහැනට හසුකරගෙන රුපියල් කෝටි 13කට අධික ආදායමක් උපයාගෙන ඇත. 10 February 2019
අපේක්ෂා රෝහලේදී ඇට මිදුළු බද්ධය ඇරැඹිමට යයි මේ වසරේදී මහරගම අපේක්ෂා රෝහලේදී ඇට මිදුළු බද්ධය ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පවසයි. 10 February 2019
බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු රෝහලේ වන සතෙකුට බඳින ලද බට තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ කලුගහකඳුර වෙන්දේසියාය ගම්මානයේ පුද්ගලයෙකු අද (10) උදෑසන රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 10 February 2019
ව්‍යාපාරිකයකු ඝාතනය කර සැකකරු පලා යයි වැලිපැන්න ලිහිනියාවල දී 29 හැවිරිදි ව්‍යාපාරිකයකුගේ පපුවට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි. 10 February 2019
දුම්වැටි තොගයක් සමඟ 5 ක් අත්අඩංගුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 10 February 2019
හෙරොයින් ජාවාරම්කරුවෙක් සමඟ 11 ක් අත්අඩංගුවට හෙරොයින් ජාවාරම්කරුවෙක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු සිරිගම්පල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 10 February 2019
ලක්ෂ 20 ක කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට යාපනය සෙම්මිණි ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 37 ග්‍රෑම් 560 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 10 February 2019
නීතී විරෝධිව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 7 ක් අත්අඩංගුවට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. 10 February 2019
ගාල්ලේ පොත් සාප්පුවක ගින්නක් ගාල්ල වක්වැල්ල පාරේ සංඝමිත්තපුර පිහිටි පොත් සාප්පුවක අද (10) උදෑසන ගින්නක් හටගෙන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 10 February 2019
සේනා දළඹුවන් මර්දනයට නව සොයාගැනීම් රට තුළ විශාල වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යවසනකාරී සේනා දළඹු විනාශය පිළිබඳව රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් වහාම දේශීය නව සොයාගැනීම් හරහා සේනා දළඹු මර්ධනය කිරීමට සූදානම් වෙන්න යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර සිටියි. 09 February 2019
ජෙලට්නයිට් පුපුරන ද්‍රව්‍ය තබාගත් පුද්ගලයකු අල්ලයි කින්නියාව පොලිස් වසමට අයත් කෙරියාතුමුනෙයි ප්‍රදේශයේදි අද (09) ජෙලට්නයිට් නැමැති පුපුරන ද්‍රව්‍ය කූරූ54ක් හා සේවා නුලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදාව හා ත්‍රිකුණාමලය කොට්ඨාස දුෂණ මර්ධන පොලිස් නිලධාරින් එක්ව සිදුකල වැටලිමකදි අත්අඩංගුවට ගැනිමට සමත්වුහ. 09 February 2019
කුණු ප්‍රශ්න විසඳන්න සමගියෙන් කටයුතු කළ යුතුයි සෑම පළාත් පාලන ආයතනයකම කුණු ප්‍රශ්න තිබෙන බවත් මේ කුණු ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂවල අය සමගියෙන් කටයුතු කරන්න අවශ්‍ය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) ගාල්ලේ දී කීවේය. 09 February 2019
ඇගළුම් කම්හලකින් සොරකම් කළ රෙදි තොගයක් නිට්ටඹුවෙන් සොයාගනියි හුංගම පොලිස් වසමේ රන්න ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ප්‍රසිද්ධ ඇගළුම් කම්හලක ගබඩාවකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා රෙදි තොගයක් නිට්ටඹුව ප්‍රදේශයේ ගබඩා කර තිබියදී හුංගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 09 February 2019
නිවසක සඟවා තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ඩුබායිහීදි අත්අඩංගුවට පත් පාතල නායකයෙකු වන මාකදුරේ මදුෂ් නැමැත්තාගේ අනියම් බිරිඳගේ බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ගෙදර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 09 February 2019
වසර 18 කට පසු පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඩුවම තිස්සමහාරාම උඩුවිල පුංචි පාලම අසලදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (08) මරණ දඩුවම නියම කළේය. 08 February 2019
පුත්තලමේ අනතුරකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාල පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී අද ( 8) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 08 February 2019
නීතිවිරෝධීව හක් බෙල්ලන් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට හම්බන්තොට බැරක් වීදිය ප්‍රදේශයේදී හක් බෙල්ලන් 5 දෙනෙකු සමඟ පුද්ගලයෙකු අද (8) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 08 February 2019
වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් නවත්වන්නැයි විරෝධතාවක් වෙනිසියුලාවට එරෙහිව අධිරාජ්‍යවාදී අතපෙවීම් නවත්වන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද (08) පැවැත්විණි. 08 February 2019
ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්සවයි ගුවන් මගියෙකුට හෘදයාබාධයක් ඇතිවීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ඒ වනවිට ගමන් ගනිමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ - 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. 08 February 2019
අනවසරයෙන් නිවසකට ඇතුළු වු ගුවන් හමුදා කොප්රල් අත්අඩංගුවට අනවසරයෙන් කාන්තාවකගේ නිවසට ඇතුළු වූ බව කියන ගුවන් හමුදාවේ කොප්රල් අද (08) නෙලුම්කුලමදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 08 February 2019
හම්බන්තොට විශ්රාමලාභීන් විරෝධතාවක වැඩිවන ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ආණ්ඩුව විසින් තමන්ට ලබා නොදෙන බවට චෝදනා කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශ්රාමලාභීහූ අද(08) දහවල් බෙලිඅත්ත නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ. 08 February 2019
කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් නැමැති මත් ද්‍රව්‍ය ග්‍රෑම් 43ක්, කේරළ ගංජා කිලෝ 14ක් සහ ග්‍රෑම් 500 ක් ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් නවීන පන්නයේ වෑන් රියක් හා සැකකරුවන් සිව්දෙනෙකු අද ( 08) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 08 February 2019
සූදූ පොළක් වටලා ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු 13 ක් අත්අඩංගුවට සිය නිවසේ සූදු පොළක් පවත්වාගෙන ගිය බේරුවල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් අද (08) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 08 February 2019
කැස්බෑ මස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට කෑස්බෑවුන් මරා මස් කර අලෙවි කිරිමේ ජාවාරමක නිරතවු පුද්ගලයන් තිදෙනෙකු කැස්බෑ මාංශ තොගයක් සමඟ අද ( 8) අලුයම හලාවත අඹකදවිල ධීවර ගම්මානයේ දි අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 08 February 2019
ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක් පස්වැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා මාස එක හමාරක පමණ කාලයක සිට ගුරුවරයකු නොමැති බව පවසමින් ගුරුවරුන් ඉල්ලා දඹුල්ල පන්නම්පිටිය මලියදේව ප්‍රාථමික විදුහලේ දරුවන්ගේ මව්පියන් සහ දරුවන් අද (08) දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගය පන්නම්පිටිය ප්‍රදේශයේ හරස්කොට විරෝධතාවයක නිරත වූහ. 08 February 2019
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී.හීස් මහතා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය. 08 February 2019
ගලේවෙල දුරකතන අලෙවිසැලක් කොල්ලකාලා ගලේවෙල නගරයේ පිහිටි දුරකතන අලෙවිසැලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ වටිනා ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 08 February 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026