(ටී.කේ.ජී.කපිල )
ගුවන් මගියෙකුට හෘදයාබාධයක් ඇතිවීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ඒ වනවිට ගමන් ගනිමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ - 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ , සිඩ්නි බලා ගුවන් ගනිමින් තිබූ ඊ.වයි.- 454 දරණ එටිහැඩ් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි .
මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි 29 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකුට මෙසේ මෙම හදිසි හෘදයාබාධය වැළදී තිබූ අතර , ඔහු කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ ගිලන් රථයක් මගින් වහාම මීගමුව පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ .
ඒ අතර මෙම ගුවන් යානය සදහා රුපියල් අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසක් (97,74,000 ) ක් වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් එක් ලක්ෂ හත්සිය හැටක් (100,760) ක් ලබා දුන් බව කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම ගුවන් යානය තුළ මගීන් 443 ක් සහ කාර්යය මණ්ඩලය 21 ක් සිටියහ .
එහෙත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමේදී කාර්මික දෝශයකට ලක් වීම නිසා , යළි පිටත්ව යෑම අවලංගු කර , එහි සිට මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ආර්ථික ප්‍රතිඵල තවතවත් මේ රටට අවශ්‍යයි. රෝගී තත්වය ගැන අවංකවම කණගාටුවෙන අතර, මෙහිදී සැලකිල්ලට ගත්තේ ක්ෂණික ආර්ථික ප්‍රතිඵල පමණි. මෙම A -380 ගුවන්වාරය (ඩුබායි-මෙල්බර්න් ) කීපවරක්ම ශ්‍රී ලංකාවට ගොඩ බැස්සුවා මතකයි.
ගුවන් ඉන්ධන පෙට්‍රල් වලට වඩා මිලෙන් අඩුයි.
ගණන් හදලා බලාපල්ලා. තෙල් ලීටරයක මිල රු.97ක් වෙන්නේ...
ඒ අයගෙන්ම ගත්තු තෙල්මනෙ ඒ අයටම විකුනලා තියෙන්නෙ. ඕක අයිති එමිරේට් වලට
ගුවන් යානා නැතුව වේලෙන නවීන ගුවන් තොටුපළවල්, නැව් නැති වරායවල් නඩත්තු කරන්න තියෙන එකේ කඩා හැලෙන අහස් යන්තරා වලට තෙල් ගහල හරි රටේ ආර්ථිකය ගොඩ ගන්න බලමු.