(නිශාන්ත කුමාර)
වන සතෙකුට බඳින ලද බට තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ කලුගහකඳුර වෙන්දේසියාය ගම්මානයේ පුද්ගලයෙකු අද (10) උදෑසන රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
ඔහු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කළුගහකදුර වෙන්දේසිය ගම්මානයේ වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.
තුවක්කු ප්‍රහාරයට ලක්වීමෙන් ඔහුගේ අතකට සහ පාදයකට දැඩි හානි සිදුව ඇත.
හරක් රංචුවක් දිගේලි කිරීම සදහා කැලෑවට රැගෙන යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇත.
වන සතුන් දඩයම් කිරීම් සඳහා ප්‍රදේශයේම පුද්ගලයින් බඳින ලද මේ මෙවැනි බට තුවක්කු පත්තු වීමෙන් ප්‍රදේශයේ පුද්ගලයින් කීප දෙනෙකුම මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථානවල අවධානය යොමුකර දෙන්නයි ද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල හා කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු රෝහලේ