පුත්තලම, පල්ලියවාසල්පාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා ළඟ තිබූ මිටර් 225 දිගැති තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.
වයඹ, නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් කළ සෝදිසියකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd