(දයාරත්න ඇඹෝගම)
අනවසරයෙන් කාන්තාවකගේ නිවසට ඇතුළු වූ බව කියන ගුවන් හමුදාවේ කොප්‍රල් අද (08) නෙලුම්කුලමදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන 37 හැවිරිදි ගුවන් හමුදා කොප්‍රල්වරයෙකි.
මෙම ගුවන් හමුදා කොප්‍රල්වරයා අද (08)දින නිවාඩු ලබා අම්පාරේ සිට අනුරාධපුරයට පැමිණ නෙලුම්කුලම පිහිටි නිවසට යන අතර තුරේදි අලුයම එකට පමණ අසල්වාසි නිවසකට ඇතුලුවි ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදි නිවසේ සිටි කාන්තාවගේ පියා විසින් පොලිසියේ අංක 119 දුරකතන අංකයට කළ දැනුම් දිම මත එම නිවසට පැමිණි පොලිස් නිලධාරින් විසින් මෙම ගුවන් හමුදා කොප්‍රල්වරයා අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (08)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අනවසරයෙන් නිවසකට ඇතුළු වු ගුවන් හමුදා කොප්‍රල් අත්අඩංගුවට