( ඔගස්ටින් ප්‍රනාන්දු)
කෑස්බෑවුන් මරා මස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයන් තිදෙනෙකු කැස්බෑ මාංශ තොගයක් සමඟ අද ( 8) අලුයම හලාවත අඹකදවිල ධීවර ගම්මානයේ දී අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
එක් දින යාත්‍රාවක් ද යතුරු පැදියක්ද සමග කැස්බෑ මංශ කිලෝ 9ක් ද අත් අඩංගුවට ගත් බවත් කියයි .
හලාවත අඹකදවිල ප්‍රදේශයේ ධීවරයින් ඈත දියඹට ගොස් අල්ලා ගන්නා කැස්බෑවුන් මුහුද මැද සිය යාත්‍රාවන් තුළදීම මරා මස් කර එම මාංශ ගොඩබිමට ගෙනැවිත් අලෙවි කරන බවට ලද තොරතුරක් මත අද ( 8) අඹකදවිල වෙරළට පැමිණි සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කළ පොලිස් නිලධාරින් පිරිසකට එම බෝට්ටුවේ තිබි කැස්බෑ මාංශ තොගයක් හමු වී තිබේ.
යාත්‍රාවේ ආ ධීවරයා අත් අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ලද තොරතුරක් මත අඹකදවිල නිවසක තිබී තවත් කැස්බෑ මාංශ තොගයක් ද යතුරු පැදියකින් කැස්බෑ මාංශ තොගයක් ගෙන යමින් සිටි අයෙකුවද අත්අඩංගුවට ගෙන ඇති බවත් කියයි.
සැකකරුවෝ අඹකදවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් අද ( 8 දා ) හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතො.
හලාවත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කැස්බෑ මස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට