IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 

පස්වැනි ශ්‍රේණියට  ඉගැන්වීම සඳහා මාස එක හමාරක පමණ කාලයක සිට ගුරුවරයකු නොමැති බව පවසමින් ගුරුවරුන් ඉල්ලා දඹුල්ල පන්නම්පිටිය මලියදේව  ප්‍රාථමික විදුහලේ දරුවන්ගේ මව්පියන් සහ දරුවන් අද (08)  දඹුල්ල මාතලේ  ප්‍රධාන මාර්ගය පන්නම්පිටිය ප්‍රදේශයේ හරස්කොට විරෝධතාවයක නිරත වූහ.
 
මෙම හේතුව නිසා දඹුල්ල මාතලේ  ප්‍රධාන   මාර්ගයේ ලෙනදොර ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් බාධා ඇති විය.
 
ගලේවෙල කලාපයට අයත් දඹුල්ල පන්නම්පිටිය ශ්‍රී මලියදේව ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් සහ දෙමව්පියන් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසමින් සටන්පාඨ කියමින් ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරතවූ අතර  වීනාඩි 40 ක පමණ කාලයක් යනතුරු කිසිදු අධ්‍යාපන බලධාරියෙකු එම ස්ථානයට නොපැමිණියේය.
 
ඔවුන් පාලනය කිරීමට පොලීසිය දැඩි උත්සාහයක නිරත විය.
 
පස්වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගය සදහා ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටි ගුරුවරයා  මීට මාස එකහමාරකට පමණ ඉහත දී ස්ථාන මාරු කොට ඊට ගුරුවරයකු ලබා නොදුන් බව  බව ඔවුහු පවසති.
 
 ගුරුවරු ලබාදුන් බවට කලාප කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දුන්නද මෙතෙක් එවැනි කිසිදු ගුරුවරයකු පැමිණ නැති බවත් විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන බවද ඔවුහු චෝදනා නගන්නට වූහ.


පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා එම ස්ථානයට පැමිණ දෙමාපියන් සහ කුඩා දරුවන් සමග සාකච්ඡාකොට  ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි  හෙට්ටිආරච්චි මහත්මිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන  ඇය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබන සදුදා දිනය වන විට ස්ථානමාරු ගිය ගුරුවරයා එම පාසලට ලබාදීමට කැමැත්ත පළ කළ බව සඳහන් කළේය,


මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඒ බව දෙමාපියන්ට මෙන්ම උද්ඝෝෂණයේ නිරත ව සිටි කුඩා දරුවන්ටද දැනුම්දුන්නේය. ඒ අනුව පැයකට අධික කාලයක් ප්‍රධාන මාර්ගය වසා සිටී සිසු සිසුවියන් සහ දෙමව්පියෝ ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව වාහන ගමනාගමනයට ඉඩ ලබා දීම සිදු කෙරිණි.



අදහස් (0)

ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32083 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14546 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 305 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site