IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වල් අලි කොට්ටුකච්චියේ කුඹුරු වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
වල් අලි රංචු පිටින් ආණමඩුව කුඹුරුවලට කඩා වැදී අක්කර ගණනාවක වගා විනාස කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කොට්ටුකච්චිය ගොවීහු පවසති.
 
කොට්ටුකච්චිය, කච්චිමඩු, ගල්කුලම, මුරියාකුලම, ඇතුන්ගොඩ යන ප්‍රදේශවල ගොවීහු වල් අලින්ගෙන් පීඩාවට පත්ව සිටිති.
 
 පසුගිය දින කිහිපය පුරා දළ ඇතකු සමඟ වල් අලි රංචුවක් මෙසේ වගා හානිකරමින් සිටින බව ඔවුහු පවසති. 
 
ගොවින් පවසන්නේ වන ජීවි නිලධාරීන්ට දන්වා සිටියද මේ දිනවල පුත්තලම අලි පාලන ඒකකයේ වාහනය කැඩී යාම නිසා අලි පලවා හැරීමට ගැටළු ඇති බව ඔවුන් පවසන බවයි. 
 
  මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි එන්. ඒ. ජගත් නිශ්ශංක මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“අපි වී ඇටය කුඹුරට දාපු දා ඉදලා පුදුම දුකක් විඳින්නේ. මුළු රාත්‍රිය පුරාම වල් අලින් වගා වනසනවා. දවල්ට මොනරු වී බොනවා. දැන් ගොවිතැන් කිරීමත් එපාවෙලා. ගෙදරට ගන්නේ ගොවිතැනින් සුළු ප්‍රමාණයක් විතරයි ”
 
මේ පිළිබදව අදහස් දක්වමින් එක්වු වගාකරුවකු වන අජීත් කුමාරතුංග මහතා පැවසුවේ මෙවැන්නකි. 
 
 “ අපේ වගාවන් ආරක්ෂා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඒත් කිසිම දෙයකින් මේ අලි රංචු එන එක වළක්වාගන්න බැරි වෙලා. මගේ  කුඹුර වටේට විදුලි වැටක් ඇදලා. ඒ සඳහා රුපියල් 40,000 කට වැඩිය මේ කන්නයට වියදම් කලා. නමුත් කිසිම දෙයකින් සහනයක් නැහැ. වල් අලි රංචුව කුඹුරට බැහැපුහාම කාල ඉවර කරලාමයි යන්නේ” 
 
පුත්තලම අලි පාලන ඒකකයේ ප්‍රධානි වනජීවි අඩවි ආරක්ෂක නවරත්න බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
 
“අපේ එකකයට තිබුණු කැබ් රථය නඩත්තුවලට යොදවලා තිබෙන්නේ. නමුත් අපේ නිලධාරීන් හැකි ආකාරයට වල් අලි පලවා හරිනවා. මේ වන විට වල් අලි සංඛ්යානවේ වර්ධනයක් දක්නට ලැබෙනවා. අපිට විශාල ප්රයදේශයක් ආවරණය කරන්න සිදුවෙලා. අපි සෑම උත්සහයක්ම ගන්නවා වල් අලි පලවා හරින්න” 



අදහස් (0)

වල් අලි කොට්ටුකච්චියේ කුඹුරු වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32096 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site