(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනුවන්ගොඩ නිල්පනාගොඩදී පුද්ගලයන් දෙදෙනෙකුට රාජකාරි ගිනි අවියක් එල්ල කර තර්ජනය කළ පොලිස් කොස්තාපල්වරයකු මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම කොස්තාපල්වරයා කටුනායක පොලිසියට අනුයුක්තව සේවයෙහි නිරතව සිටින්නෙක් බවත් පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයා ගමන්ගත් යතුරුපැදිය හා තවත් යතුරුපැදියක් සමඟ ගැටී අනතුරක් සිදුව ඇති බවත් අනතුර වූ ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට කොස්තාපල්වරයා ගිනි අවිය එල්ල කර තර්ජනය කර ඇතැයිද පොලිසිය කියයි.
මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීන් මිනුවන්ගොඩ පොලිසිය ඉදිරිපිට නොසන්සුන්කාරීව හැසිරී ඇති බවත්, පසුව පොලිසියේ මැදිහත්වීම හමුවේ ඔවුන් විසිරගිය බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd