(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)
මහියංගණ රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ගම්මානයේ වගා හේන් තුනක පැල්වල තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සොයාගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
ඊයේ (10) රාත්‍රී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28,29,30 යන වයස් කාණ්ඩවලට අයත් ඇකිරියන් කුඹුර පදිංචිකරුවෝ වෙති.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන මහතාගේ මෙහයවීම යටතේ රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
(ඡායාරූප - නිශාන්ත කුමාර)

(ඡායාරූපය - පාලිත ආරියවංශ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd