IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රීපාද ජාතික අධ්‍යාපන පීඨ සිසුන් දෙවැනි දිනටත් විරෝධතාවේ

     (ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියෝ අද දෙවැනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
මෙම සාදයට සම්බන්ධ වූයේ යැයි, කියන විද්‍යා පීඨයේ සේවක පිරිසක් අද දින නැවත සේවයට වාර්තා කර තිබීමත් සමඟ සිසුන් විසින් මෙසේ උද්ඝෝෂණය කළහ.
 
ජාතික විද්‍යා පීඨ කොමසාරිස් එච්.එම්.ඒ. බණ්ඩාර මහතා දුරකතනයෙන් සිසුන්ට දන්වා සිටියේ, සිද්ධියට සම්බන්ධ පිරිස පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අද පස්වරුව වන විට තීරණයක් ගන්නා බව සිසුන්ට දැනුම් දුන්නේය.
 
අද දිනයේදී විසඳුමක් ලබා  නොදෙන්නේ නම් උද්ඝෝෂණය දිගටම පවත්වාගෙවන යන බව ද  සිසුහු සඳහන් කළහ.



අදහස් (0)

ශ්‍රීපාද ජාතික අධ්‍යාපන පීඨ සිසුන් දෙවැනි දිනටත් විරෝධතාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site