IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෘමීන් සමඟ අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් යළි රිමාන්ඩ්

(උපේන්ද්‍ර ප්‍රියංකර)

 
සිංහරාජ වනාන්තරයෙන්  රහසිගතව  රැගෙන ගිය  කෘමීන්, සමනලුන් හා ශාඛ තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ස්ලෝවැකියානු ජාතිකයින් පස්දෙනා  අද  (06)  කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා  දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කලවාන මහේස්ත්‍රාත්  දුලාන් වීරවර්ධන මහතා නියෝග  කළේය.

 
මෙම සැකකරුවන් කලවාන අඩවි වන කාර්යාලය මගින් පසුගිය 02වනදා අත්අඩංගුවට ගෙන රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය වෙත එදිනම ඉදිරිපත් කළ අතර සැකකරුවන් අද (06) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් එදින කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණි.

 
සබරගමුව සහ දකුණු පළාත් භාර නියෝජ්‍ය වන සංරක්ෂණ ජී. එම්. එස්. කුමාරසිරි, රත්නපුර අඩවි වන නිලධාරී පී.ජී. ප්‍රසාද් යන මහත්වරුන්ගේ උපදෙස් මත කලවාන අඩවි වන නිලධාරී ආර්. එම්. එල්. රත්නවීර, කලවාන වැඩ බලන අඩවි වන නිලධාරී එම්. පී. බණ්ඩාරනායක යන මහත්වරු ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
 



අදහස් (0)

කෘමීන් සමඟ අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site