IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රා. සභාපතිවරයෙක් තමන්ට පහර දුන්නැයි සංවර්ධන නිලධාරියකුගෙන් ජනපතිට ලිපියක්


(බිඟුන් මේනක ගමගේ) 
 

ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන ඒකකයේ සංවර්ධන නිලධාරියකුට ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇතැයි ද ඒ සම්බන්ධයෙන් පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ලෙස දේශපාලන මැදිහත්වීම් වන්නේ යැයි ද කියමින් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
 
ඇල්ල නගරයේ විශේෂ සංචාරක තොරතුරු ඒකකයක කොටසක් ප්‍රාදේශීය සභා සභාපතිවරයා බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ කර ඇතැයි ද සංවර්ධන නිලධාරී ඉන්දික සෙනවිරත්න මහතා ඒ සම්බන්ධයෙන් රාජකාරි කිරීමේදී මෙසේ පහර කෑමට ලක්ව ඇතැයි ද එම සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා එම ලිපියේ සඳහන් කර ඇත. 
 
දේශපාලන මැදිහත්වීම් මත සිදුවීම යටපත් කිරීමට උත්සාහයක් ඇතැයි ද සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් සංවර්ධන නිලධාරින් හැටියට දැඩි ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.
 
දේශපාලඥයින් දියත් කරන මැර දේශපාන සංස්කෘතිය නැවැත්වීමට වහාම පියවර ගෙන රාජ්‍ය සේවකයන්ට සිය රාජකාරිය වෘත්තිය ගෞරවයකින් යුතුව ඉටුකිරීමට අවස්ථාව සලසා දෙන්නැයි නීතිය හා සාමය විෂය භාර ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (0)

ප්‍රා. සභාපතිවරයෙක් තමන්ට පහර දුන්නැයි සංවර්ධන නිලධාරියකුගෙන් ජනපතිට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site