IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට


(විනීතා එම් ගමගේ)
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ලියාපදිංචි රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය ඇය එහිදී කළ නොයෙක් වංචා දූෂණ හේතුවෙන් එය තහනම් කර ඇති  බැවින් මෙසේ ව්‍යාජ ඒජන්සියක් ආරම්භ කොට ඇතැයි හෙළි වී තිබේ. 
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, නව නගරය, 03 වන වීදිය, අංක 561$87 දරන ස්ථානයේ  විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය 57 හැවිරිදි කාන්තාවකි.
 
වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි තිබී ගමන් බලපත්‍ර 45 ක්, පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය සහතික, රැකියා වීසා බලපත්‍ර, අදාළ ආයතනයේ ලිපි ශිර්ෂ හා තවත් ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
 
මෙම සැකකාරිය විසින් ගලේවෙල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි විවිධ අක්‍රමිකතා හේතුවෙන් එහි බලපත්‍රය 20.01.01 දින අත්හිටුවා ඇති බව අනාවරණය වූ බවත් කාර්යංශයේ විමර්ෂණ අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
සැකකාරිය අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර රු.50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත ඇය මුදාහැර තිබේ. 
 
 



අදහස් (0)

නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site