IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෘෂි අමාත්‍යාංශයේ ආයතන රැසකට නව නිලධාරීන් පත්කෙරේ

කෘෂිකර්ම අමාත්‍යංශයේ  ආයතන රැසකට අද (05)  නව නිලධාරීන් පත් කර තිබේ.
 
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය,  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය,  වී අලෙවි මණ්ඩලය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ  ප්‍රතිපත්ති සභාව,  ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය යන ආයතන සඳහා සභාපතිවරු  හා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන්  මෙලෙස පත් කිරීම් සිදු කර ඇත.
 
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ඩබ්. සිරිල් මහතා  පත් කර ඇති අතර , ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව පාලන අංශයේ සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකි.
 
ඔහු  2015 වර්ෂයේ සිට 2018 මැයි මස දක්වා කාලය තුළ ජාතික පශු සම්පත් මණ්ඩලය සභාපතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කළ අයෙකි.
 
 
වී අලෙවි මණ්ඩලයෙහි සභාපති ලෙස නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා පත්කර  ඇති අතර, මීට පෙර ඔහු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
 
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයහි සභාපතිවරයා ලෙස සුමිත් වර්ණකුලසූරිය මහතා පත් කර  තිබේ.
 
 ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවෙහි සභාපති ලෙස ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා ද, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය සදහා සභාපති ලෙස වෛද්‍ය සෑම් ඩැනියල් මහතා ද පත් කර ඇත.
 
 
මීට අමතරව වී අලෙවි මණ්ඩලයෙහි උපසභාපතිවරා ලෙස ඩීඑම්. සෙනරත් බණ්ඩාර විජේකෝන් මහතා ද, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයහි උපසභාපති ලෙස චානක අරවින්ද මහතාද පත් කර ඇත.
 
එම නිලධාරීහු  කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් සිය පත්වීම් ලබා ගත්හ.

(36698)



අදහස් (0)

කෘෂි අමාත්‍යාංශයේ ආයතන රැසකට නව නිලධාරීන් පත්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site