(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල පහන්ගමදී අත්බෝම්බයක් හා හෙරොයින් මත්කුඩු රැගෙන යතුරුපැදියකින් යමින් සිටි පාතාල සාමාජිකයකු වන ‘මන්න රොෂාන්’ නැමැත්තා අද(04) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගෙන ඇති මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවකු බව ද පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු තියුණු ආයුධවලින් පුද්ගලයන් ගණනාවකට බරපතල තුවාල කළ අයකු බවද පොලිසිය කියයි.
සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ .. ඇමතිය මැදිහත් උන ගමන් එළියේ..