රොමේෂ් මධුෂංඛ
යාපනය නගරයේ අලෙවි කිරීම සඳහා කේරල ගංජා කිලෝ 41 ග්‍රෑම් 530 ක් රැගෙන ගමන් කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි.
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අදාළ කේරල ගංජා තොගය විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝදී ඕනෑම මත්ද්‍රව්‍යක් ප්‍රවාහනය කරන වාහනයන්ද රාජසන්තක කරන්න