බේරුවල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වත්සලා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අද (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් තිබේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, ගාල්ල, ප්‍රදීපාගරයේ සිට නාවික සැතපුම් 172 ක් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ඊයේ (31) රාත්‍රියේදි ලබා ගැනීමෙන් අනතුරුව රෝගියාට මූලික ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
ගාල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා ධීවර යාත්‍රාවේ හිමිකරු වෙත භාර දීමට කටයුතු කරනු ලැබු අතර ඔහු විසින් රෝගීයා වෛද්‍ය ප්‍රථිකාර සඳහා යොමු කළේය.
(36698)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd