‘ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු පිටරටින් ගෙන්වන්නේ නැහැ‘ ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු කිසි විටෙක විදේශිය රටවලින් ආනයනය කිරීමට පියවර නොගන්නා බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම පවසයි. 31 January 2019
සීමා නිර්ණය කොමිසමේ පුරප්පාඩුවක් ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිසමේ එක් කොමසාරිස් ධුරයක් මාස තුනක් තිස්සේ පුරප්පාඩු වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 31 January 2019
මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට මීගොඩ ගලගෙදර පාලම අසළදී රුපියල් 50,000ට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි. 31 January 2019
දාහේ හොර නෝට්ටු 29 ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට රුපියල් දාහේ හොර නෝට්ටු 29ක් සමඟ සැකකරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 31 January 2019
හෙරොයින් සමඟ පුද්ගලයෙක් වැලිකන්දෙන් අත්අඩංගුවට හෙරොයින් මිලිග්‍රෑම් 7340 ක් සමඟ පුද්ගලයකු අහුංගල්ල වැලිකන්දේ දී දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 31 January 2019
බීමත් පුද්ගලයන් හඳුනාගැනීමේ නව උපකරණයක් නිපදවයි බීමත් පුද්ගලයන් හඳුනාගත හැකි නව විද්‍යුත් උපකරණයක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දසුන් සත්සර සෙනරත් රත්නායක සිසුවා විසින් නිපදවා තිබේ. 31 January 2019
නීතී විරෝධිව ඉන්දියා යන්න හැදු අයෙක් අත්අඩංගුවට නීතී විරෝධිව ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයකු යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 31 January 2019
වෛරස් හා දිලීර භාවිතයෙන් සේනා මර්දනයට පරීක්ෂණ නියෝක්ලියෝ පොලි හෙඩ්ඩ්රසිස් නැමති වෛරසය, බැසිලස්තුරින්ජියසිස් බැක්ටීරියාව හා කෘමීන්ට ආසාදනය වන දිලීර වර්ග උපයෝගි කර ගනිමින් සේනා දළඹුවා මර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී එස්. එස්. වැලිගමගේ මහතා පවසයි. 31 January 2019
දකුණු පළාත් රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි හෙට (පෙබරවාරි01) ක්‍රියාත්මක කිරීමට නියමිත දකුණු පළාත් රාජ්‍ය සේවයේ 2019 වාර්ෂික ස්ථාන මාරුවීම් තාවකාලිකව අත් හිටුවීමට දකුණු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 31 January 2019
වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ ප්‍රදර්ශනය කරමින් වල් ඌරුමස් විකුණමින් සිටි පුද්ගලයකු මාගෙදර එනසල්වත්ත ප්‍රදේශයේදී වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ අද (30) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 30 January 2019
ඝාතනයකට සැකපිට නවගමුවේ ලැගුම් හලක අරක්කැමියා අත්අඩංගුවට නවගමුවේ ලැගුම් හලක නාන කාමරයක් තුළදී තරුණයෙකු පුලුස්සා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් එම ලැගුම් හලේ අරක්කැමියා සැකපිට අද (30) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 30 January 2019
රෝගාතුරවු මැලේසියානු නාවික භටයා නිරුපද්‍රිතව ගොඩබිමට මුහුදේදී රෝගාතුර වූ මැලේසියානු නාවික හමුදා නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට අද (30) ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කටයුතු කළේය. 30 January 2019
වැලිමඩ පුහුල්පොල ජනතාව උමාඔය වැඩබිම වටලති උමාඔය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැලිමඩ පුහුල්පොල ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගත් ඉඩම් වෙනුවෙන් මෙතෙක් වන්දි ලබාදී නැතැයි පවසමින් ඒ සඳහා වන්දි සහ විකල්ප ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශයේ ජනතාව අද (30) වැලිමඩ පුහුල්පොල උමාඔය වැඩබිම වැටලූහ. 30 January 2019
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 11 දෙනා යළි රිමාන්ඩ් මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් එකොළොස් දෙනා ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රත් උපුල් රාජකරුණා මහතා අද (30) නියෝග කළේය. 30 January 2019
‘‘මතින් නිදහස් රටක්’’ මාතර දිස්ත්‍රික් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ’’මතින් නිදහස් රටක්’’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. 30 January 2019
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට තලවකැලේ , පුංචි කටුකැලේ වතුයායේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි වතු කම්කරු යුවළකට අද (30) එල්ල වූ බඹර ප්‍රහාරයකින් සැමියා මියගොස් බිරිඳ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය. 30 January 2019
බාලවයස්කාර සිසුවකු අපයෝජනය කළැයි 20 වසරක සිරදඬුවම් බාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවකුට එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (30) නියම කළේය. 30 January 2019
හොරෙන් දැව කඳන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නිතීවිරෝධී දැව එක්රැස් කරන ස්ථානයක් වටලා දැවකඳන් විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 30 January 2019
තාරකා ඉබ්බන් මැලේසියාවට පන්නන්න හැදූ දෙදෙනෙක්ට වැඩ වරදී තාරකා ඉබ්බන් 304 දෙනෙකු රෙජිපෝම් පෙට්ටි තුළ බහා නීතිවිරෝධි ලෙස මැලේසියාවට යැවීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණි කුඩා ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගුවන්තොටුපළ පොලීසිය අද (30) අත්අඩංගුවට ගනු ලැබීය. 30 January 2019
උ‘මැද ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට උසාවි එන්නැයි නියෝගයක් ආබාධිත සෙබලූන් සහ වකුගඩු රෝගීන් මහියංගනයේ සිට මින්නේරියට නොමිලේ ප්‍රවාහනය කරන බස් රථයක මාර්ග ධාවන බල පත්‍රය නීති විරෝධීව අවලංගු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයාට පෙබරවාරි මස 25 වැනි දින මහාධිකරණ හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගයාන් චන්ද්‍ර රණවක මහතා අද(30) නියෝග කළේය. 30 January 2019
අතුරුදහන්වූවන් සොයාදෙන්නැයි ඉල්ලා ඥාතීහු වීදි බසිති යුද සමයේ උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස රජයෙන් ඉල්ලා උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීහු, සිවිල් සංවිධාන හා දේශපාලන නායකයෝ අද(30) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 30 January 2019
නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථානවලට එරෙහිව ඇලස්වත්තවාසීහු විරෝධතාවක ඇලස්වත්ත ග්‍රාම සංවර්ධන සමිතිය, සිවිල් සංවිධාන කිහිපයක පුද්ගලයෝ සහ ප්‍රදේශවාසීහු එක්ව අද (30) තෝරන්කාඩු හන්දියේදී උද්ඝෝෂණයක නිරතවූහ. 30 January 2019
සුපිරි වෙළඳසැලකින් ලක්ෂ 13ක් කොල්ලකාලා දෙහිවල ගාලු පාරේ සුපිරි වෙළඳසැලකින් රුපියල් 1,300,000 අධික මුදලක් සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. 30 January 2019
විදේශීය සංචාරකයන් සිව් දෙනෙකුට බඹර ප්‍රහාරයක් ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණ සිටි විදේශීය සංචාරකයින් පිරිසකට අද (30) දහවල් බඹරු දෂ්ඨ කිරීමෙන් විදේශිකයින් සිව් දෙනෙකු රෝහල් ගත කළ බව ඇල්ල පොලීසිය පවසයි. 30 January 2019
ආයුධවලින් පහර දුන් යතුරුපැදි කල්ලියේ දෙදෙනෙක් අල්ලයි තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් පැමිණ දෙමටගොඩ කැලිපුල්ල වත්තට කඩා වැදී පුද්ගලයකුට පහර දී බරපතල තුවාල කළ පුද්ගල කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අද(30) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. 30 January 2019
අලි ගැටලුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක් දීර්ඝ කාලයක සිට නොවිසදී පවතින කරුවලගස්වැව වල් අලි උවදුරට ස්ථිර විසදුමක් දෙන්නැයි වගකිවයුත්තන්ට බල කිරීමේ අරමුණෙන් සංවිධානය කළ විරෝධතාවක් අද ( 30) පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 17 කණුව මංසන්ධියේ දී පැවැත්විණි. 30 January 2019
‘පාඨක අයිතියට ලැබුණු පැමිණිලි 243ක් විසඳලා’ ජාතික පුවත්පත්වල කතෘවරුන් වෙත 2018 වසරේදී ‘පාඨක අයිතිය’ යටතේ ලැබුණු පැමිණිලි 243ක් විසඳීමට ඔවුන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පවසයි. 30 January 2019
වීරකැටිය ගම්වැසියෝ විරෝධතාවයක වීරකැටිය මැදමුලන යෝජිත ප්‍රජා සේවා මධ්‍යස්ථානය මගින් ලබාදෙන පානීය ජලය සඳහා අයුතු ලෙස මුදල් ගන්නේ යැයි කියමින් වීරකැටිය මිද්දෙණිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (30) ගම්වාසීහු විරෝධතාවයක් ඇරඹුහ. 30 January 2019
නගර අපවිත්‍ර කළ 20 ක් කොටුකර ගනිති බදුල්ල බස් නැවතුම්පලේ පොදු වැසිකිලිය පෙනි පෙනී නගර අපවිත්‍ර වන ආකාරයෙන් අශෝබනව මූත්‍රා කළ පුද්ගලයින් 20 දෙනෙකු බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් කොටු කර ගෙන තිබේ. 30 January 2019
නෙල්ලි කඩන්න ගිය පුද්ගලයෙක් විදුලි සැරවැදී මරුට කොස්ලන්ද කැලිපනාවල මහතැන්නේ වනයට නෙල්ලි කැඩීමට ගිය පුද්ගලයෙක් විදුලිසැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 30 January 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026