වෛරස් හා දිලීර භාවිතයෙන් සේනා මර්දනයට පරීක්ෂණ
නියෝක්ලියෝ පොලි හෙඩ්ඩ්රසිස් නැමති වෛරසය, බැසිලස්තුරින්ජියසිස් බැක්ටීරියාව හා කෘමීන්ට ආසාදනය වන දිලීර වර්ග උපයෝගි කර ගනිමින් සේනා දළඹුවා මර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී එස්. එස්. වැලිගමගේ මහතා පවසයි.