(ඩී. කේ. රත්න සහ විජේරත්න රත්නායක)
ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණ සිටි විදේශීය සංචාරකයින් පිරිසකට අද (30) දහවල් බඹරු දෂ්ඨ කිරීමෙන් විදේශිකයින් සිව් දෙනෙකු රෝහල් ගත කළ බව ඇල්ල පොලීසිය පවසයි.
මෙම සංචාරකයින් ආරුක්කු නවය පාලම හා අවට රූගත කිරීම උදෙසා ඩ්‍රෝන කැමරාවක් භාවිතා කර ඇති අතර එහි ශබ්දයට බඹරුන් ඇවිස්සී ඇතැයි පැවසේ.
බඹර ප්‍රහාරයට ලක්වූ විදේශිකයින් සිව් දෙනා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd