(සිතුම් චතුරංග)
යුද සමයේ උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස රජයෙන් ඉල්ලා උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීහු, සිවිල් සංවිධාන හා දේශපාලන නායකයෝ අද(30) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
ලංකාවේ විශාලතම සමූහ මිනීවල වන මන්නාරම සතොස සංකීර්ණය අසල මිනීවළෙහි හමුවන සිරුරු කාගේද යන්න ජනාධිපතිවරයා රටට පැවසිය යුතු බවත් මෙම ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යබවත් යුද්ධයේදී දෙමළ වැසියන්ට සිදුවූයේ කුමක්දැයි හෙළිකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
විරෝධතාවය සඳහා ජාතික බලසේනා සංවිධානයේ මහලේකම් වටරැක විජිත හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, ශිවශක්ති ආනන්දන් සහ උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd