(ප්‍රසාද් මුතුකුඩ)
තාරකා ඉබ්බන් 304 දෙනෙකු රෙජිපෝම් පෙට්ටි තුළ බහා නීතිවිරෝධි ලෙස මැලේසියාවට යැවීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණි කුඩා ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගුවන්තොටුපළ පොලීසිය අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැක සහිත පෙට්ටි තොගයක් පටවාගෙන රථයක් පැමිණ ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වු නිලධාරින් ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයට ඇතුල් වන ප්‍රධාන දොරටුව අසලදී රථය අත්අඩංගුවට ගනු ලැබු බව පොලීසිය කියයි.
අගල් 15 x20 ප්‍රමාණයේ රෙජිපෝම් පෙට්ටි 20 තුළ පොලිතීන් වලින් ඔතා මෙම සතුන් 20 කට වැඩි දෙනෙකු දමා තිබියදී සොයාගෙන ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd