IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හොරෙන් දැව කඳන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)
            
කිලිනොච්චිය වට්ටකච්චි ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නිතීවිරෝධී දැව එක්රැස් කරන ස්ථානයක් වටලා දැවකඳන් විශාල ප‍්‍රමාණයක් සමඟ පුද්ගලයකු අද (30) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

කල්මඩු රක්ෂිත ප‍්‍රදේශයෙන් නීතිවිරෝධීව කපන ලද පලූ, කොහොඹ, දඹ ඇතුළු විවිධ වර්ගයේ දැව කඳන් ජාවාරම්කරුවන් විසින් මෙම ස්ථානයට රැගෙන විත් යාපනය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කරන බවද පොලිසිය පැවසීය.

නීති විරෝධී දැව ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු හා දැව තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම කළ ස්ථානයේ තිබී පලූ,කොහොඹ,දඹ දැව කඳන් 32 අධික ප‍්‍රමාණයක් පොලිසිය බාරයට ගැණිනි.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය වට්ටකච්චි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හොරෙන් දැව කඳන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site