(ජයරත්න වික්‍රමාරච්චි)
දීර්ඝ කාලයක සිට නොවිසදී පවතින කරුවලගස්වැව වල් අලි උවදුරට ස්ථිර විසදුමක් දෙන්නැයි වගකිවයුත්තන්ට බල කිරීමේ අරමුණෙන් සංවිධානය කළ විරෝධතාවක් අද ( 30) පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 17 කණුව මංසන්ධියේ දී පැවැත්විණි.
කරුවලගස්වැව ‘‘තම්බපණ්ණි මිනිස් හඬ සංවිධානය‘‘ සංවිධානය කළ මෙම විරෝධතාවයට ප්‍රදේශයේ ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
අදාළ ගැටලුවට පැළැස්තර විසදුම් හැරුණු කොට මේ වනතෙක් කිසිදු වගකිවයුත්තෙක් මෙතෙක් ස්ථිර විසදුමක් ලබාදී නැති බවත් මේ හේතුව නිසා දහස් ගණනක් වූ ප්‍රදේශයේ ජනතාව වල් අලි උවදුරෙන් පීඩා විදිමින් අන්ත අසරණ තත්වයට පත්වී සිටින මෙහි දී බවත් විරෝධතාකරුවෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd