IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැලිමඩ පුහුල්පොල ජනතාව උමාඔය වැඩබිම වටලති

(ඞී.කේ.රත්න)

උමාඔය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැලිමඩ පුහුල්පොල ප‍්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගත් ඉඩම් වෙනුවෙන් මෙතෙක් වන්දි ලබාදී නැතැයි පවසමින් ඒ සඳහා වන්දි සහ විකල්ප ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා ප‍්‍රදේශයේ ජනතාව අද (30) වැලිමඩ පුහුල්පොල උමාඔය වැඩබිම වැටලූහ.

තමන් පරම්පරා ගණනාවක සිට භුක්ති විදින ලැබූ ඉඩම් උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා තමන් හට ඉඩම් හා වන්දි ලබා දෙන බව පවසා රාජ්‍ය නිලධාරීන් මෙම ඉඩම් පවරා ගෙන ඇතත් මේ වන විට උමාඔය ව්‍යාපෘතිය අවසන් අධියරේ පැවතියද තමන් හට ඉඩම් හෝ වන්දි ලබාදී නැතැයි පවසමින් මෙම ජනතාව උමාඔය වැඩබිම වැටලූහ.

වැලිමඩ පුහුල්පොල ශ‍්‍රී මත් බෝධිරාජාරාමයට පැමිණි ප‍්‍රදේශයේ ජනතාව එම විහාරස්ථානයේ සිට විහාරාධිපති පුහුල්පොල නන්දරතන හිමියන් පෙරටුකොට ගනිමින් පුහුල්පොල උමාඔය හරහා වේල්ල  ඉදි කරන වැඩබිම අසලට පැමිණීමේදී එම වැඩබිමේ ආරක්ෂක අංශ මෙම පිරිස නතර කිරීමට උත්සහ කළද එම පිරිස ඔවුන්ගේ විරෝධයන් නොතකා ඉදිරිටුයටම ගමන් කළහ.

මෙහිදී වැලිමඩ පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඩබ්.හේරත්මහතා පැමිණ මෙම වැඩබිමට ඇතුලුවීම නීතිවිරෝධී බව පැවසීමත් සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇතිවූ අතර පොලිස් ස්ථානාධිපතිවරයා උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල්ද සිල්වා මහතා සමඟ  මෙම ජනතාවට සාකච්ඡා කිරීම සඳහා ලබන 12 වැනිදා ලබාදීමෙන් පසු මෙම විරෝධතාව තාවකාලිකව නතර කළහ.



අදහස් (0)

වැලිමඩ පුහුල්පොල ජනතාව උමාඔය වැඩබිම වටලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site