(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නියෝක්ලියෝ පොලි හෙඩ්ඩ්‍රසිස් නැමති වෛරසය, බැසිලස්තුරින්ජියසිස් බැක්ටීරියාව හා කෘමීන්ට ආසාදනය වන දිලීර වර්ග උපයෝගි කර ගනිමින් සේනා දළඹුවා මර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී එස්. එස්. වැලිගමගේ මහතා පවසයි.
විදේශීය රටවල්වලින් ඉහත වෛරස් හා දිලීර නියැදි(සාම්පල) ගෙන්වාගෙන පරීක්ෂණ පවත්වමින් සිටින බවද ඒ මහතා පැවසීය.
මෙරටදී ඒ සඳහා සුදුසු ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම හා විදෙස් රටවල්වලින්ද ගෙන්වාගෙන මෙම දළඹුවන් මර්දනයට ක්‍රම යොදා ගැනීමට අදහස් කරන බවද පවසන ඒ මහතා, මෙම දළඹුවා සැඟවී සිටීම නිසා මර්ධනය කිරීම අපහසු වී ඇති බවත්, විවිධ උගුල් ක්‍රම අත්හදා බැලීම කරන බවද කීය. නිර්දේශ කරන ලද පලිබෝධ නාශක පහක් භාවිත කිරීම, නියම කන්නයට සාමුහිකව වගා කිරීම, පාංශු ප්‍රතිකර්ම, අසාදිත බෝග විනාශ කිරීම, හානියට පත් ශාක පුළුස්සා දැමීම ආදී ප්‍රතිකර්ම ක්‍රියාත්මක කළ යුතු බවත් එස්. එස්. වැලිගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛරස් හා දිලීර භාවිතයෙන් සේනා මර්දනයට පරීක්ෂණ