IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සීමා නිර්ණය කොමිසමේ පුරප්පාඩුවක්

(බිඟුන් මේනක ගමගේ )
 
ශ්‍රී ලංකා සීමා නිර්ණය කොමිසමේ එක් කොමසාරිස් ධුරයක් මාස තුනක් තිස්සේ පුරප්පාඩු වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 ත්‍රෛසාමාජික කොමිසමේ සාමාජිකයකුව සිටි මහාචාර්ය එස්.එච් හිස්බුල්ලා මහතාගේ අභාවයෙන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙසේ එම ධුරය පුරප්පාඩු වී ඇත. 
 
එම නිසා කොමිසමේ කටයුතු මේ වනවිට කරගෙන යනු ලබන්නේ එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා සහ ආචාර්ය ඒ.ඩී බණ්ඩාරනායක මහත්මිය විසිනි.
 
අදාළ පුරප්පාඩුව සම්බන්ධයෙන් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දන්වා ඇතැයි මේ ගැන කළ විමසීමේදී එහි සභාපති ආචාර්ය කේ.තවලිංගම් මහතා ‘ලංකාදීප’ යට කීය.
 
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ස්වාධීන කොමිෂන් සභා නවයෙන් එකක් වන සීමා නිර්ණය කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 හා 95 (1) ව්‍යවස්ථාවලට අනුකූලව පිහිටුවා ඇත.
 
 
  
 



අදහස් (0)

සීමා නිර්ණය කොමිසමේ පුරප්පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site