(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුව ලැගුම්හලක නානකාමරයක් තුළ පුලුස්සා ඝාතනය කර ඇත්තේ මොස්තර ශිල්පියකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව නවගමුව පොලිසිය කියයි.
ඝාතනය වූ පුද්ගලයා කොළඹ තිඹිරිගස්යාය පාර පදිංචි ගනිදු මල්ෂාන් ප්‍රියංකර නමැති 25 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා 29 දින සවස සාදයකට යන බව පවසා නිවසින් පිටවී ඇතැයි දෙමව්පියන් පැවසූ බව පොලිසිය පවසයි.
ඔහු තවත් පුද්ගලයකු සමග ලැගුම්හලට පැමිණ තිබූ අතර ඉනේ එක් අයකු පිටව ගොස් තිබිණි. පසු දින උදයේ එහි සේවකයකු මළ සිරුර දැක ඇත.
ඝාතකයා මෙම තැනැත්තාව උපක්‍රමශීලීව ලැගුම්හලට කැඳවා අපරාධය කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මෙම පුද්ගලයන් දෙදෙනාගේ අනන්‍යතාව සනාථ කරගැනීම සඳහා ලැගුම්හල භාරව කටයුතු කළ අරක්කැමියා පියවර නොගැනීම නිසා ඔහුවද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඝාතනය කළ තැනැත්තා සොයාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලැගුම්හලේදී ඝාතනයට ලක් වූ පුද්ගලයා හඳුනාගැනේ