( නිශාන්ත කුමාර )
මීගහකිවුල පහල මකුල්ගොල්ල වෙළංලන්ද කඳුවැටියේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් හෑරූ බව කියන පුද්ගලයින් හත් දෙනෙකු අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල වෙළංලන්ද මකුල්ගොල්ල යන ගම්මානවල වයස අවුරුදු 35-55 ත් අතර පිරිසකි.
බදුල්ල කොට්ඨාශ භාර පුරාවස්තු ඒකකයේ සහ කන්දකැටිය පොලිසියේ නිල නිලධාරීහු පිරිසක් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
මීට සති තුනකට පමණ පෙර මීගහකිවුල පහල මකුල්ගොල්ල වෙළංලන්ද කඳුවැටියේ නිධානයක් හාරන බවට ලද තොරතුරක් මත පොලීසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd